Friday, March 2, 2012

ශ්‍රී ලංකාව - ඉන්දියාව අතර මිතුදම් ශක්තිමත් කරන්න ව්‍යාපෘති 27ක්

නුවන් කොඩිකාර

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරිමේ අරමුණින් නව ව්‍යාපෘති 27ක් ඉදිරි මාස කිහිපයේ ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් අශෝක් කේ කානත් මහතා පැවසීය.

මීට ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික, කලා ඇතුළු විවිධ අංශ රැසක් ඇතුළත් වන පරිදි ව්‍යාපෘති සකස්කර ඇති බව හෙතෙම කීවේය.

ඉන්දියා ශ්‍රී ලංකා පදනම ඉදිරියේ දි ක්‍රියාත්මක කිරිමට නියමිත වැඩ සටහන් පිළිබද දැනුවත් කිරිම සඳහා කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේ ඉකුත්දා (28) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ කොමසාරිස්වරයා එසේ ප්‍රකාශ කළේය.ඉන්දියා ශ්‍රී ලංකා පදනම ආරම්භ කර වසර 13ක් ගතවී ඇති බවත්, එම කාලයේ දෙරටේ සහජිවනය නංවාලීම සඳහා ව්‍යාපෘති 352ක් ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනිමට හැකිවුණ බවත් ඒ මහතා සඳහන් කළේය.

වීන සංගීතවේදි ටී.එම් ක්‍රිෂිණා මහතා ලංකාවට ගෙන්වා යාපනය ප්‍රදේශයේ දි තෙදින වැඩමුළුවක් කිරිමට සැලසුම් සකස්කර ඇති බවද අශෝක් කේ කාන්ත් මහතා පැවසීය.

මීට අමතරව රුහුණු විශ්වවිද්‍යාලයේ සහ මයිසූර් විශ්වවිද්‍යාලයේ සිසුන් අතර සහයෝගිතාවය වර්ධනය කිරිමේ ව්‍යාපෘතියක්ද සකස්කර ඇති බව පවසන හෙතෙම ඒ මඟින් සංගීතය, සන්නිවේදනය සහ දෙරටේ අධ්‍යාපන ක්‍රමවේදයන් හුවමාරු කරගැනිමට කටයුතු යොදා ඇති බවද කීවේය.

ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා

යුද්ධය අවසන් වී සාමය උදාවිමත් සමඟ උතුරු නැඟෙනහිර ප්‍රදේශයන්හි අපේ පදනමේ මැදිහත් වීම යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන්න.අපට හැකියාව ලැබුණා. ඒ මගින් දෙරටේ සහයෝගය ශක්කිමත් කරන්න පුළුවන්කම ලැබුණා.

උතුරු නැඟෙනහිර ආවරණය වන පරිදි ඉදිරියේදිත් නව ව්‍යපෘති රැසක් ක්‍රියාත්මක කරන්න සුදානමින් සිටිනවා.ඒ සඳහා අලුත් ව්‍යාපෘති තියේනම් අපට ඉදිරිපත් කරන්න .ඒ සඳහා උදව් කරන්න අපේ පදනම සුදානම් බව මා මෙහිදි ප්‍රකාශ කර සිටිනවා.


http://www.dinamina.lk/2012/03/02/_art.asp?fn=p1203028

No comments:

Post a Comment