රසික සෝමරත්න විසිනි
රටේ දුම්පානය සැලකිය යුතු අන්දමින් අඩු කිරීමට හේතු විය හැකි වැදගත් නීති දෙකක් ගෙන ඒමට රජය තීරණය කර තිබේ.
මේ බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ජීවක පදනම මගින් සංවිධානය කරන ලද සමුළුවකදී ප්‍රකාශ කර තිබේ. සිගරට් පැකට්ටුවල සෞඛ්‍යමය රූප ඇතුළත් කිරීමත් ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරීමත් එම නීතිවලින් සිදු කෙරේ.
විශේෂයෙන් දුම්කොළ විරෝධි සංවිධාන විසින් මේ නීති ක්‍රියාත්මක කිරීමෙන් ජනතාවට ඉන් ඇතිවන ඵල විපාක අවබෝධ කර දීම සිදු කෙරේ. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීම වැළැක්වීම හරහා දුම්පානය නොකරන (අක්‍රිය) පිරිස ආරක්ෂා කර ගැනීමටත් පියවර ගත යුතු වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධාන සමීක්ෂණ අනුව තත්ත්පර හයක් තුළ දුම්පානය නිසා එක් අයෙක් මිය යයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි ජාතික දුම්කොළ අධිකාරිය සහ මත්ද්‍රව්‍ය පනතට අනුව කෙරෙන සංශෝධන දැනටමත් නීතිමය සැකසුම් සඳහා යොමුකර තිබේ.
තවද සිංහල, දෙමළ , ඉංගී‍්‍රසි භාෂා තුනටම පරිවර්තනය කෙරේ. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සෞඛ්‍ය කමිටු මගින් යළි විමර්ශණය කර බැලේ. මෙම නීති ගෙන ඒම හරහා යහපත් ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාද බලාපොරොත්තු වෙයි.
දුම්වැටි ඇසුරුම් පැකට්ටුවේ රූප ප්‍රදර්ශණය පැකට්ටුව තුළ සියයට පනහකින් පමණ පෙන්විය යුතු බව මේ අවස්ථාවට සහභාගි වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේ ය.මහරගම ජාතික පිළිකා ආයතනයේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ කියා සිටියේ රූපමය අනතුරු ඇඟවීම් හරහා දුම්වැටි භාවිතා කරන්නන්ට දැඩි බලපෑමක් ඇති කළ හැකි බවයි.
ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් මෙම රූපමය අනතුර ප්‍රදර්ශනය අනුගමනය කිරීම හරහා දුම්වැටි භාවිතය බොහෝ දුරට වළක්වාගෙන තිබේ. විශේෂයෙන් ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරීමෙන් දුම්පානය නොකරන පිරිස් ආරක්ෂා කර ගතහැකිව තිබේ. දුම්පානය කරන්නන්ගේ පිටකරන දුම් ආඝ්‍රාණය කරන බොහෝ අය ළදරු මරණ, පිළිකා, හෘද රෝග, පෙනහලු ආශි‍්‍රත රෝග වලට ගොදුරු වී තිබේ. සිගරැට්ටුවක හානි දායක ද්‍රව්‍ය හාර දහසක් පමණ අඩංගු වෙයි. ඉන් සියයට හතළිහක් පමණ ඍජුවම පිළිකා ඇති කරන ඒවා වෙයි. දැනට පිළිකා රෝගවලට ගොදුරු වී ඇති පිරිසෙන් සියයට හතළිහක් දුම්පානය නිසා රෝගී වූ අය බවද හඳුනාගෙන තිබේ.
http://www.dinamina.lk/2012/03/06/_art.asp?fn=n1203065
No comments:
Post a Comment