Tuesday, March 6, 2012

ධීවර ඉන්ධන සහනාධාරයට මසකට රුපියල් කෝටි 32ක්

බුද්ධිකා ඉඹුලාන

ධීවර කාර්මිකයන්ට ලබාදෙන ඉන්ධන සහනාධාරය සඳහා රජය මාසයකට රුපියල් කෝටි 32 පමණ වියදමක් දරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි පසුගිය 2 දා සිට ධීවර ඉන්ධන සහනාධාරය වැඩි කළ අතර ඒ වෙනුවෙන් රජය දරන සහනාධාරය වැඩි කළ අතර ඒ වෙනුවෙන් රජය දරන අතිරික්ත වියදම රුපියල් දසලක්ෂ 6.3 කි. නව සංශෝධන අනුව ධීවර යාත්‍රාවක් සඳහා ඩීසල් ලීටර 2600ක සහනාධාරයක් හිමි වෙයි.

භූමිතෙල් භාවිතා කරන එක්දින ධීවර යාත්‍රාවක් සඳහා ඉන්ධන සහානාධාරය ලීටර් 350 දක්වා ඉන්ධන ලීටර් 100 කින් වැඩි කර ඇත. මේ අනුව බහුදින ධීවර යාත්‍රාවන් සඳහා ලීටරයකට රුපියල් 12 ක ඉන්ධන සහනාධාරයක් යටතේ රුපියල් 30,000 ඉක්මවන සහනාධාරයක් ධීවර කාර්මිකයකුට හිමි වෙයි.

පිටත එන්ජින් සවිකළ සහ සාම්ප්‍රදායික යාත්‍රා සඳහා ලීටරයකට රුපියල් 25 ක ඉන්ධන සහනාධාරයක් හිමිවන අතර ලීටර 250 දක්වා තිබූ ඉන්ධන සහනාධාරය ලීටර් 350 දක්වා වැඩිකර තිබේ. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති බහුදින ධීවර යාත්‍රා සංඛ්‍යාව 3720 කි. පිටත එන්ජින් සවිකළ ධීවර යාත්‍රා 19034, එක්දින ඩීසල් ධීවර යාත්‍රා 876 ක්ද, සාම්ප්‍රදායික ඔරු 1688 ක් ද ලියාපදිංචි වී ඇත. ධීවර - ඉන්ධන සහනාධාරය ලබාදීම සඳහා මාර්තු මාසය සඳහා වූ අදාළ සහන කාඩ්පත් මේ වන විට ධීවර කාර්මිකයන් වෙත නිකුත් කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි මහතා ‘දිනමිණ’ ට පැවැසීය.


http://www.dinamina.lk/2012/03/06/_art.asp?fn=n1203062

No comments:

Post a Comment