Tuesday, March 6, 2012

නෙළුම් කුලුනට ඉඩ ගන්න පැරැණි තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය ඉවතට

ප්‍රියදර්ශන ලියනගේ

නෙළුම් කුලුන ඉදි කිරීම සඳහා අවශ්‍ය ඉඩකඩ ලබාගැනීමට ඩී. ආර්. විඡේවර්ධන මාවතේ තැපැල් මූලස්‌ථානය අසල පිහිටි තැපැල් දෙපාර්තමේන්තුවට අයත් දේශීය පාර්සල් අංශය සහ තැපැල් ප්‍රවාහන අංශයේ පවත්වාගෙන යන පැරැණි මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය කඩා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා පැරැණි මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයේ පවත්වාගෙන යන දේශීය පාර්සල් අංශය සහ තැපැල් ප්‍රවාහන අංශය එම ස්‌ථානයෙන් ඉවත්කර ගන්නා ලෙස රජය මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

පැරැණි මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයේ පවත්වාගෙන යන දේශීය පාර්සල් අංශය තුළ තැපැල්කරුවන් 161 දෙනකු සමග 178 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්‌ඩලයක්‌ සේවයේ නිරත වෙති. කොළඹ නගරය තුළ පිහිටි ප්‍රධාන තැපැල් කලාප අටකට පාර්සල් බෙදාහැරීම මෙම ස්‌ථානයේ සිට සිදු කෙරේ. එමෙන්ම තැපැල් මගින් මෙරට පාර්සල් බෙදාහැරීම ද මෙම ස්‌ථානයේ සිට සිදු කෙරේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ අරමුණ වී තිබෙන්නේ ඩී. ආර්. විඡේවර්ධන මාවතෙන් ඉවත් කරන දේශීය පාර්සල් අංශය ඕල්කට්‌ මාවතේ පිහිටි රජයේ ගොඩනැඟිල්ලක්‌ වෙත රැගෙන යැමයි.


http://www.divaina.com/2012/03/06/news10.html

No comments:

Post a Comment