Monday, March 19, 2012

අවුරුදු සමයේ බඩු හිඟයක්‌ හෝ මිල වැඩිවීමක්‌ සිදුවන්නේ නැහැ

සිරිල් විමලසුරේන්ද්‍ර

සිංහල අවුරුදු උත්සව සමයේ කිසිම පාරිභෝගික ද්‍රව්‍යයක මිල වැඩිවීමක්‌ හෝ පාරිභෝගික ද්‍රව්‍ය හිඟයක්‌ හෝ ඇතිවන්නේ නැතැයි සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා 16 දා මහනුවරදී සහතික විය. බඩු මිල ඉහළ යැමට විරුද්ධව මහජනයා පාරට බස්‌සන්ට විපක්‍ෂය බලා සිටින නමුත් බඩු මිල ඉහළ නොයන නිසා විපක්‍ෂයේ බලාපොරොත්තු ඉටුවන්නේ නැතැයිද අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.

අප්‍රේල් මස 07 වැනිදා සිට 11 වැනිදා දක්‌වා කටුගස්‌තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය භූමියේ පැවැත්වෙන මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කිරීම පිළිබඳ සාකච්ඡාවට සහභාගි වෙමින් ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා මෙසේද ප්‍රකාශ කළේය.

වී මිල ඉහළ නංවන ලෙස කරන ඉල්ලීමට ඉඩ නොදෙන්නේ ගොවියාත් පාරිභෝගිකයාත් යන දෙපක්‍ෂයම ආරක්‌ෂා කිරීමට අවශ්‍ය නිසයි. වී කිලෝව රුපියල් 28 ට ගැනීමෙන් ගොවියාටත් පාරිභෝගියාටත් එකසේ සාධාරණය ඉටුවනවා. වී අලෙවි මණ්‌ඩලයේ ගබඩා සියල්ලම යථා තත්ත්වයට පත්කැර ගොවීන්ගේ වී මිලට ගැනීමට පියවර ගන්නවා.

සමුපකාර අලෙවිසල් හා සතොස අලෙවි ශාඛා මගින් සිත්සේ අවශ්‍ය පාරිභෝගික භාණ්‌ඩ නියමිත මිලට ලබා ගැනීමට පහසුකම් සලසනවා.

මේ වනවිට 40,000 කට මහපොළ ශිෂ්‍යත්ව ලබා දෙන බව පැවැසූ අමාත්‍ය ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා මෙම වසරේ 10,000 කට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙන බව ද කීවේය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සිරිසේන සහ මහනුවර දිස්‌ත්‍රික්‌ ලේකම් ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරුද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.


http://www.divaina.com/2012/03/19/news06.html

No comments:

Post a Comment