පොලොන්නරුව ගොවි සංවිධාන නියෝජිතයෝ කියති
ඡේ. ඒ. ජයකොඩි - මනම්පිටිය
අරලගංවිල සහ වැලිකන්ද යන ප්රදේශවල ගොවීන්ගෙන් 2010 හා 2011 යල මහ කන්න වලදී වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගත් වී, ගබඩා තුළ රැස්කර තිබීමෙන් ගුල්ලන් හා කෘමි සතුන්ගේ හානියට ලක්වී ඇතැයි ප්රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
වැලිකන්ද, සේනපුර, අසේලපුර යන ගබඩාවල වී කිලෝ 5,83,000 ක ප්රමාණයක්ද අරලගංවිල 7 කණුව ගබඩාවේ වී කිලෝ ලක්ෂ පහකට අධික ප්රමාණයක්ද මෙලෙස ගුල්ලන්ගෙන් හා කෘමීන්ගෙන් හානියට පත්ව ඇතැයි ඔවුහු කියති.
මේ පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ සභාපති කේ. බී. ජයසිංහ මහතාගෙන් කළ විමසීමකදී ප්රකාශ කළේ 2010 - 2011 වසර වලදී මිලට ගත් වී මෙටි්රක් ටොන් 1,47,000 ක් ගබඩාවල රැස්කර තිබෙන අතර ඒවා ක්රමයෙන් සහල් බවට පත්කර පිටරට යවන බවත් කෘමි උවදුරට ලක්වන වී තොගවලට කෘමිනාශක භාවිත කර ඒවාද කඩිනමින් සහල් කිරීමට කටයුතු කරන බවත්ය.
http://www.divaina.com/2012/03/19/news18.html
No comments:
Post a Comment