මහින්ද අලුත්ගෙදර සහ රක්ෂණ ශ්‍රියන්ත
ජන හා නිවාස සංගණනයේදී නිවෙසක් නොමැති පුද්ගලයන්ගේ තොරතුරු රැස් කිරීම අද (19) සිට ආරම්භ වන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හිසට සෙවණක් නොමැතිව පදික වේදිකාවල, බස් නැවතුම්පොළවල් ඇතුළු විවිධ ස්ථානයන්හි රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම මෙහිදී සිදු කෙරෙන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සඳහා පත්කර සිටින නිලධාරීන් වෙනුවෙන් විශේෂ පුහුණුවක් ලබා දී තිබෙන අතර අදාළ සංගණන නිලධාරීන් ඒ සඳහා සූදානමින් සිටින බවද ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාවේ පැවැති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් වසර ගණනාවක් ප්‍රදේශ කිහිපයක සංගණන කටයුතු සිදු කිරීමට නොහැකිවූ බව සඳහන් කරන එම දෙපාර්තමේන්තුව යුද ජයග්රහණයෙන් පසුව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි මෙවර ජන හා නිවාස සංගණනය පැවැත්වීමට හැකි වී තිබෙන බවද ඒ සඳහා ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවද කියා සිටී.
මේ වන විට ජන හා නිවාස සංගණනයේ කටයුතු සාර්ථකව සිදු කෙරෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
http://www.dinamina.lk/2012/03/19/_art.asp?fn=n12031912
No comments:
Post a Comment