Wednesday, March 14, 2012

අධ්‍යයනයකින් පසු කිරි පිටි සහ ගෑස්‌ ගැන තීරණයක්‌ ගන්නවා

ලසිත දුමින්ද

කිරි පිටි සහ ගෑස්‌ මිල වැඩි කිරීම පිළිබඳව රජය මේ වන විට අධ්‍යයනයක්‌ සිදුකරන බවත් ඉන් පසුව මේ පිළිබඳ තීරණයක්‌ ගනු ලබන බවත් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මිල වැඩි කරන්නැයි අදාළ සමාගම් ඉල්ලීම් කළ පලියට මිල වැඩි කරන්නේ නැති බවත් ඇමැතිවරයා ඊයේ (13 වැනිදා) කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

ගෑස්‌ සහ කිරිපිටි සමාගම්වලින් තම ඇනවුම් සහ තොග පිළිබඳ වාර්තාවක්‌ ලබාදෙන ලෙස දැනුම් දී ඇති බවත් මේ වන විට අදාළ සමාගම්වලින් කිහිපයක්‌ පමණක්‌ වාර්තා ලබාදී තිබෙන බවත් හෙතෙම කීවේය.

ලෝක වෙළෙඳපළේ ගෑස්‌ සහ කිරිපිටි මිල යම් යම් මාසවලදී අඩු වැඩි වන බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

සිදුකරන අධ්‍යයනයේදී සමාගම් අනිසි ලෙස අලාභ ලබනවා නම් මිල වැඩි කිරීම ගැන සලකා බැලීමක්‌ සිදුකරන බවත් සමාගම්වලට අවශ්‍ය පරිදි නිසි ලෙස මිල වැඩි කරන්නේ නැති බවත් ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එසේම ළදරු කිරිපිටිවලින් සමාගම් විශාල වශයෙන් ලාබ ලබන බව කී ඇමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත ඒ සඳහා පාලන මිලක්‌ නියම කළ බව කීවේය.

එළැඹෙන උත්සව සමයට කිරිපිටි හිඟයක්‌ ඇතිවිය හැකි යෑයි ඇතැම් සමාගම් කරන තර්ජනවලට බිය නොවන බවත් සමාගම් හිතන ලෙස රජය අන්ධයන් ලෙස කටයුතු නොකරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

http://www.divaina.com/2012/03/14/news04.html

No comments:

Post a Comment