මහින්ද අලුත්ගෙදර
ඉතිහාසයේ පළමු වරට කාන්තාවන්ට වඩා පිරිමින් ප්‍රතිශතයක් රැකියා සඳහා විදේශගත වී තිබෙන බව රජය පෙන්වා දෙයි.
මෙම අගය පසුගිය 2011 වසරේදී වාර්තා වන අතර එම වසරේ දී විදේශගත වූ කාන්තා ප්‍රතිශතය.
සියයට 44.78ක් වන බවද පිරිමින්ගේ ප්‍රතිශතය සියයට 55.22ක් බවද විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
විදේශ රැකියා සඳහා යොමුවන වැඩි පිරිස ගෘහ සේවයට යන බව සඳහන් කළ ඇමැතිවරයා රජයේ අරමුණ වී තිබෙන්නේ ගෘහ සේවය අධෛර්යමත් කොට විධිමත් පුහුණුවක් ඔස්සේ ගෘහ පාලිකාවන් ලෙස යොමු කිරීම බවද ඒ අනුව ගෘහ සේවය සඳහා යන අවම වයස ඉහළ නැංවීමට පියවර ගත් බවද ප්‍රකාශ කළේ ය.
විදේශ රටවලින් ශ්‍රී ලංකාව උපයන විදේශ විනිමයෙන් වැඩි ප්‍රමාණයක් විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ලැබෙන බව පෙන්වා දුන් ඒ මහතා පසුගිය 2009 වසරේ දී ශ්‍රී ලංකාව ඉපයූ විදේශ විනිමයෙන් සියයට 47.03 ක්ද මේ වසරේ දී එය සියයට 49.63ක් වන බව ද කීවේ ය.
මේ අතර ඒ මහතා සඳහන් කළේ යුරෝපය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්ට අපේ රටට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට නොහැකි වූයේ මෙරට ආර්ථිකයේ වැඩි බරක් දරන විගමනිකයන් නිසා බවය.
http://www.dinamina.lk/2012/03/15/_art.asp?fn=n1203154
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
No comments:
Post a Comment