මත්තල දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ජපන් ගුවන් යානා ගෙන්වා ගැනීමේ සාකච්ඡා ආරම්භ කෙරේ. සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න මහතා ජපානයේ සිදුකළ සංචාරයකදී මේ සාකච්ඡා සිදුකර ඇත.
ජපන් සිවිල් ගුවන් සේවා, ප්‍රවාහන, ජාත්‍යන්තර සංචාරක උප ඇමැති ඔයාමු යොහීඩා මහතා සහ ඇමැති පියංකර ජයරත්න මහතා අතර මේ සාකච්ඡා පවත්වා තිබේ.
මේ සාකච්ඡා සාර්ථක අයුරින් නිමවූ බවත්, මේ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට ඉදිරි සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසක් ජපානයේ සංචාරයක නිරත වන බවත් පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
මේ සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නියෝජිත පිරිසක් ජපානයට යාමට නියමිත අතර ජපානයේ විශාලතම ගුවන් යානා සමාගම් වන ජැපැන් එයාර්ලයින් (බ්ඒඹ්) ඕල්නිපොන් එයාර්වේස් (ඒව්ඒ) ගුවන් යානා සමාගම් දෙක මත්තල ගුවන්තොටුපළට පැමිණීමට එකඟතාව පළ කර ඇතැයිද ඇමැතිවරයා දිනමිණට කීය.
http://www.dinamina.lk/2012/03/15/_art.asp?fn=n1203159

No comments:
Post a Comment