වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ උතුම්ගම ග්‍රාමසේවා වසමේ කඳු මුදුනක පිහිටා ඇති කිවුල්දෙණිය නමැති දුෂ්කර ගම්මානයේ මේ වන විට පවුල් 20 ක් පමණ දැඩි අපහසුකම් මධ්‍යයේ ජීවත්වෙති.
ඔවුන්ට යැමට හරියාකාර මාර්ගයක් හෝ විදුලිය පහසුකම් නොමැතිවීම බෙහෙවින්ම කනගාටුදායකය.
මේ පිළිබඳ අදහස් දක්‌වන එහි ගම්වැසියකු මෙන්ම උතුම්ගම සිවිල් ආරක්‍ෂක කමිටුවේ සාමාජිකයකුද වන, මාරිංග අසෝක මහතා මෙසේ පැවැසීය.
ගමට යන්න මාර්ගයක් නොමැතිවීම නිසා වැඩියෙන් දුක් විඳින්නේ අපේ පාසල් යන දරුවන්. ඔවුන් ගල්උඩින් පනිමින් ගිහිල්ලා වැටිලා තුවාල කර ගත් වාර අනන්තයි. අපේ තේ දලු ටික, රබර් ටික කරෙන්ම අදින්න ඕනෑ. ගමට විදුලිය නොමැතිවීම පිළිබඳව අවධානය යොමුකළ ප්‍රජා කේන්ද්‍රීය සම්පත් හුවමාරුව (කෝර් සංවිධානය) යන ආයතනය ඒ සඳහා මැදිහත් වුණා. පසුව 1998 දී අපේ ගම්මානය හරහා ගලා බසින පනාගල්දොල දියපහර හරස් කොට ප්‍රජා ශ්‍රමදායකත්වයද යොදාගෙන කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකර අප නිවෙස්‌වලට විදුලිය ලබාගැනීමට අවස්‌ථාව සලසා දුන්නා.
එහෙත් පසු කලකදී මෙම බලාගාරයට විටින් විට අකුණුසර වැදෙන්න පටන් ගැනීම නිසා එය අක්‍රිය වුණා. කෝර් සංවිධානය මැදිහත්වී එය අලුත්වැඩියා කර දුන්නද දිගින් දිගටම මෙය සිදුවන නිසා ඔවුන් එම මෝටරය ගලවාගෙන ගියා. ඒ නිසා දැනට වසර 4 ක් තිස්‌සේ අපිට අඳුරේ සිටින්නට සිදුවී තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
එහි වෙසෙන 65 හැවිරිදි පේමවතී ප්‍රනාන්දු මහත්මිය මෙසේ කීවාය.
මෙම විදුලි බලාගාරය ළඟමයි අපි ජීවත් වෙන්නේ. එක දවසක් හෙණයක් වැදිලා අපේ නිවසටද අලාභහානි සිදු වුණා. පොල් ගසකුක් ගිනිගත්තා. ළඟපාත කන්දක අලුතින් ඉදිකළ කුළුණක් නිසා, මෙම අනතුරු සිදුවෙන බව සමහරු කියයි.
කෝර් සංවිධානයේ ප්‍රාදේශීය කළමනාකාර සුනිල් පොද්දෙනිය මහතා අදහස් දැක්‌වූයේ මෙසේය.
මෙම කුඩා ජල විදුලි බලාගාරය ඉදිකළේ කිවුල්දෙණිය ගම්වාසීන්ගේ ඉල්ලීමකට අනුවයි. වසර ගණනාවක් හොඳින් ක්‍රියාත්මකව මෙය පසු කලකදී අකුණුසර වැදී අක්‍රිය වුණා. එවිට අපි එය අලුත්වැඩියා කර දුන්නා. එහෙත් නිතර නිතරම සිදුවන මෙම හානිය වැළැක්‌වීමට අකුණු සන්නායකයක් සවිකළ යුතු බව කාර්මික නිලධාරීන් ප්‍රකාශ කළා. එම අඩුපාඩු සපුරාලීමට කටයුතු කරන්නේනම් නැවත මෝටරය සවිකර විදුලිය ලබාදිය හැකියි.
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් දසිත නිරෝෂන මහතා මෙසේ කීය.
මෙම ගැටලුව පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමඟ සාකච්ඡා කළද තවම සාර්ථක පිළිතුරක් ලැබුණේ නැහැ. මේ වන විට විදුලිබල මණ්‌ඩලය මගින්ද මෙම ගම්මානයට විදුලිය ලබාදීමේ අදහසින් මැනුම් කටයුතු පවා සිදුකර තිබෙනවා. එසේ වුවහොත් මෙම ගැටලුවට විසඳුමක් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා.
http://www.divaina.com/2012/03/15/provin03.html

No comments:
Post a Comment