Wednesday, March 14, 2012

Forces behind the request to increase paddy purchasing price (2 items)

වී මිල ඉහළ දැමීමේ උද්ඝෝෂණ පිටුපස තිරිඟු පිටි සමාගම්...?
- ගොවීන් නොමඟ යෑවීමක්‌ බවට තොරතුරු හෙළිවෙයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ගොවීන් නොමඟ යවමින් වී මිල ඉහළ දමා සහල් පරිභෝජනය අඩු මට්‌ටමක තබා ගැනීමේ කූට උත්සාහයක තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම් යෙදී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු ඊයේ (13 දා) "දිවයින" ට තොරතුරු හෙළි කළේය.

වී මිල ඉහළ දැමීම සඳහා රජය පියවර ගත යුතු බවට ඇතැම් පිsරිස්‌ කරනු ලබන උද්ඝෝෂණ පිටුපස මේ තිරිඟු පිටි සමාගම් සිටින බවද හෙතෙම අවධාරණය කළේය.

මෙය එම තිරිඟු පිටි ව්‍යාපාරිකයන්ගේ සටකපට ප්‍රයෝගයක්‌ මිස වී මිල ඉහළ දැමීමේ සැබෑ ප්‍රායෝගික අවශ්‍යතාවක්‌ නොවන බවද ඔවුන් හදන්නේ වී මිල ඉහළ දමා පාන්පිටි වැඩිපුර පරිභෝජනය කිරීමට යොමු කිරීම බවද ඔහු කියා සිටියේය.

සහල් මිල ගණන් ඉහළ ගිය විට වැඩි පිරිසක්‌ තිරිඟු පිටි ආහාරයට ගැනීමෙන් තිරිඟු පිටි සමාගම්වල ලාභය උපරිම වන බවද ඔහු කියයි.

රජය විසින් රුපියල් 350/} ක සහන මිලකට ගොවීන්ට පොහොර ලබාදීම නිසා වී කිලෝවක නිෂ්පාදන මිල සෑහෙන පමණ පහළ වැටී තිබේ. දිවයිනේ සියලුම දිස්‌ත්‍රික්‌කවල දිසාපතිවරුන්ට වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2,000 ක්‌ මහා භාණ්‌ඩාගාරය විසින් මේ වන විට ලබාදී ඇති අතර මෙම කටයුත්ත සඳහා වී අලෙවි මණ්‌ඩලයටද රුපියල් මිලියන 1,000 ක්‌ ලබාදී ඇත. මීට අමතරව රාජ්‍ය බැංකු වන මහජන බැංකුව හා ලංකා බැංකුවද වී මිලදී ගැනීමේ කටයුතුවලට මුදල් සපයනු ලබයි. දිවයිනේ සමස්‌ත වී නිෂ්පාදනයට විශාල ප්‍රමාණයක දායකත්වයක්‌ ලබාදෙන පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වී අස්‌වනු නෙලීම මේ වන විට ආරම්භ වූවා පමණක්‌ බැවින් මිලදී ගැනීමට නොහැකි තරම් අතිරික්‌ත වී නිෂ්පාදනයක්‌ තවමත් වෙළෙඳපොළට එකතු වී නොමැති බවද හෙතෙම තවදුරටත් "දිවයින" ට කීවේය.


http://www.divaina.com/2012/03/14/news22.html


වී මිල වැඩි කරන්නට උද්ඝෝෂණ කිරීම ගොවීන්ට එරෙහි “පිටි කුමන්ත්‍රණයක්”

විජයානි එදිරිසිංහ සහ ජයසිරි මුණසිංහ

වී මිල වැඩි කරන්නයි කෑ ගසන්නෝ ගොවීන්ගේ සැබෑ හිතවතුන් නොව, තිරිඟුපිටි සමාගම්වල මඩි තරකිරීමට මඟ පාදන්නන් බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ අවධාරණය කරති.තිරිඟුපිටි සමාගම්වල වරදාන හා වරප්‍රසාදවලට ගිජුව මෙරට ගොවීන්ට හිතවත්කම මවා පෙන්වමින් වී මිල වැඩි කරන්නැයි උසි ගන්වන්නේ, සැබෑ ලෙසට ඒ හරහා බලාපොරොත්තු වන්නේ වැඩිපුර සහල් වෙනුවට ජනතාවට පාන් පිටි කැවීමට යැයිද ඔවුහු පෙන්වා දෙති.

තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම් විසින් තිරිඟු පිටි පරිභෝජනය අඩුවීම වැළැක්වීම සඳහා සහල් මිල වැඩි කිරීමේ කූට ව්‍යාපාරයක් ගෙන යන බැව් වාර්තා වේ. මේ සමාගම්වල උපාය මාර්ගය වී ඇත්තේ ගොවීන් නොමඟ යවමින් වී මිල ගණන් ඉහළ දමා සහල් පරිභෝජනය අඩු මට්ටමක තබා ගැනීමයි. සහල් මිල ගණන් ඉහළ ගිය විට වැඩි පිරිසක් තිරිඟුපිටි ආහාරයට ගැනීමෙන් තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම්වල ලාබය උපරිම වේ.

රජය විසින් රුපියල් 350 ක සහන මිලකට ගොවීන්ට පොහොර ලබාදීම නිසා වී කිලෝවක නිෂ්පාදන මිල සෑහෙන පමණ පහළ වැටී ඇත. දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්ට වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2000 ක් මහා භාණ්ඩාගාරය විසින් මේ වන විට ලබාදී ඇති අතර මෙම කටයුත්ත සඳහා වී අලෙවි මණ්ඩලයටද රුපියල් මිලියන 1000 ක් ලබාදී ඇත.

මීට අමතරව රාජ්‍ය බැංකුවන මහජන බැංකුව හා ලංකා බැංකුවද වී මිලදී ගැනීමේ කටයුතුවලට මුදල් සපයනු ලබන බවද විශ්ලේෂකයෝ අවධාරණය කරති. දිවයිනේ සමස්ත වී නිෂ්පාදනයට විශාල ප්‍රමාණයක දායකත්වයක් ලබාදෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වුවා පමණක් බැවින් මිලදී ගැනීමට නොහැකි තරම් අතිරික්ත වී නිෂ්පාදනයක් තවමත් වෙළෙඳපොළට එකතු වී නොමැති බව කියයි.

වී මිල ඉහළ දැමීම සඳහා රජය පියවර ගත යුතු බවට ඇතැම් පිරිස් කරනු ලබන උද්ඝෝෂණ මහජනතාව නොමඟ යවමින් සිය මඩිය තරකර ගැනීමට කැස කවන කූට ව්‍යාපාරිකයාගේ තවත් එක් සට කපට ප්‍රයෝගයක් මිස වී මිල ඉහළ දැමීමේ සැබෑ ප්‍රායෝගික අවශ්‍යතාවයක් නොමැති බව වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.


http://www.dinamina.lk/2012/03/14/_art.asp?fn=n1203141

No comments:

Post a Comment