- ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂ කියයි
ඒමන්ති මාරඹේ
රෝගීන්ට වැරැදි බෙහෙත් නිකුත් කරනු ලබන ඖෂධවේදීන්ගේ ලියාපදිංචිය අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට ඉදිරියේදී කටයුතු කරන බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙණරගම මහතා පැවැසීය.
පුද්ගලික ඔසුසල්වල සේවය කරනු ලබන ඖෂධවේදීන් විසින් රෝගීන්ට වැරැදි බෙහෙත් නිකුත් කිරීමේ සිද්ධීන් පිළිබඳව වැඩි වශයෙන් වාර්තාවීම මත මෙම පියවර ගන්නා බව වෛද්‍ය බෙණරගම කීවේය. පසුගියදා එක්‌තරා පුද්ගලික ඔසුසලක ඖෂධවේදියකු විසින් ළමා රෝගියෙකුට කැස්‌සට ලබා දෙන සිරප් වර්ගයක් ඉල්ලූ විට දියවැඩියාව සඳහා ලබා දෙන බෙහෙත් වර්ගයක් නිකුත් කර තිබූ බව කී හෙතෙම මෙවැනි වැරැදි බෙහෙත් නිකුත් කරනු ලබන පුද්ගලික ඔසුසල්වල බලපත්‍ර අහෝසි කිරීමේ සිට එම ඔසුසල් ඖෂධවේදීන්ට සිර දඬුවම් ලබා දීම දක්‌වා වූ නීති ක්‍රියාත්මක කිරීමට හැකි පරිදි නීති රීති සංශෝධනය කර ඇති බව ද අවධාරණය කළේය.
http://www.divaina.com/2012/03/14/news19.html
No comments:
Post a Comment