Wednesday, March 14, 2012

බස්‌නාහිර මගී ප්‍රවාහන අධිකාරියට 2011 දී කෝටි 1 1/2 ක දඩ ආදායමක්‌

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය පසුගිය වර්ෂයේදී (2011) රුපියල් එක්‌කෝටි හතළිස්‌ ලක්‌ෂ හැත්තෑ නවදහස්‌ තුන්සිය අනූහතරක වාර්තාගත දඩ ආදායමක්‌ උපයාගෙන ඇත. බස්‌නාහිර පළාත තුළ පෞද්ගලික බස්‌ රථ හයදහස්‌ දෙසීය අසූතුනක්‌ ලියාපදිංචි වී ඇති අතර, ඉන් විවිධ වැරදි කළ බස්‌ රථ හාරදහසකින් මෙම දඩ ආදායම උපයාගෙන ඇති බවත් එම අධිකාරියේ සභාපති අධිනීතිඥ පියසේන දිසානායක මහතා "දිවයින" ට පැවැසීය. මාර්ග නීති උල්ලංඝනය කිරීම, මගීන්ට ටිකට්‌පත් නිකුත් නොකිරීම, නිල ඇඳුම් නොපැළඳ බස්‌ රථයේ සේවය කිරීම, මාර්ග බලපත් සන්තකයේ නොතිබීම ඇතුළු තවත් වැරැදි කිහිපයකට අදාළව මෙම දඩ නිකුත් කර අදාළ ආදායම උපයාගෙන ඇතැයි හේ කීය.

බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති අධිනීතිඥ පියසේන දිසානායක මහතාගේ උපදෙස්‌ මත ධාවන අංශයේ කළමනාකාර කේ. ඒ. ආර්. රංජිත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඡේ. කේ. කේ. සේනානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ විසින් මෙම වැටලීම් සිදුකර තිබේ.


http://www.divaina.com/2012/03/14/news33.html

No comments:

Post a Comment