කසුන් සමරතුංග
සංචාරකයන් ප්‍රවාහනය කරන වාහනවලට කිලෝමීටරයකට ගෙවන මුදල් ප්‍රමාණය රු. 10 කින් වැඩි කරන ලෙසත්, මාර්ගෝපදේශක ගාස්‌තුව රු. 1,000 දක්‌වා ඉහළ දමන ලෙසත් තමන් ඉල්ලා සිටින බව සංචාරක මාර්ගෝපදේශක රියෑදුරන්ගේ සංගමයේ සභාපති ශ්‍රීලාල් මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ (12 දා) පැවැති සංචාරක මාර්ගෝපදේශක රියෑදුරන්ගේ සංගමයේ මාධ්‍ය සාකච්ඡාවකදීය. දශක තුනකට ආසන්න කාලයක් තිස්‌සේ ක්‍රියාත්මක වන සංචාරක මාර්ගෝපදේශක රියෑදුරන්ගේ සංගමය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මගින් පවත්වනු ලබන පාඨමාලාව සමත් වී බලපත්‍ර ලත් සංචාරක මාර්ගෝපදේශක රියෑදුරන්ගෙන් සැදුම්ලත් ආයතනයකි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ මුණසිංහ මහතා මෙසේ ද කීය.
සංචාරක මාර්ගෝපදේශක රියෑදුරන් විසින් සංචාරක ක්‍ෂේත්‍රය සඳහා ආයෝජනය කර ඇති මුදල රු. මිලියන 3,000 ක් පමණ වෙනවා. ගුවන්තොටුපළින් සංචාරක යන් පිළිගෙන ඔවුන් මේ රටේ පුරාවිද්‍යාත්මක, සංස්‌කෘතික, ඓතිහාසික සහ ස්‌වාභාවික උරුමයන් වෙත රැගෙන ගොස් මව්බිම සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබාදීම අපි සිදු කරනවා. අපේ රටේ ඓතිහාසික උරුමය හා කීර්තිය ඔවුන් හරහා අප ජාත්‍යන්තරයට ගෙන යනවා.
විශේෂයෙන්ම පසුගිය ජිනීවා ප්‍රශ්නෙ වේලාවේදී අපි සංචාරකයන්ව අනුරාධපුර, පොලො න්නරුව ආදී ප්‍රදේශවලට කැඳවා ගිහින් ඒ ප්‍රදේශවල දෙමළ ජනතාව ඔවුන්ට මුණගැස්‌සුවා. අපි ඔවුන්ට අපේ රටේ ඇත්ත තත්ත්වය පැහැදිලි කළා. අපි කරන්නෙ නිහඬ සේවයක්. ඒක කවුරුවත් දන්නේ නැහැ.
සංචාරක මාර්ගෝපදේශක රියෑදුරන්ගේ සංගමයේ භාණ්‌ඩාගාරික බී. ජී. රණසිංහ, ලේකම් සී. ඒ. ධර්මරත්න, උප සභාපති චන්දිම ජයවීර, අභ්‍යන්තර විගණක නිලධාරී ඇන්ටන් ප්‍රනාන්දු යන මහත්වරු ද මේ අවස්‌ථාවට එක්‌වී සිටියහ.
http://www.divaina.com/2012/03/14/news30.html
No comments:
Post a Comment