ශිරාන් රණසිංහ
ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ දැයට කිරුළ ප්‍රදර්ශන කුටියේ සවිකර තිබූ විදුලි පංකා දොළහක් වෙනුවෙන් ලක්‍ෂ දෙකක් වැය කර තිබේ. අදාළ ප්‍රදර්ශනය නිමවූ පසු විදුලි පංකා මෙන්ම අනෙකුත් ප්‍රදර්ශන භාණ්‌ඩ හා උපකරණ යළි සංස්‌ථාවට බාරදී නැති අතර අදාළ කොන්ත්‍රාත්කරුවන් ඒ සියලු දේවල් රැගෙන ගොස් ඇතැයි තෙල් සංස්‌ථා මුදල් අංශය පවසයි.
සංස්‌ථාවේ නිදහස් සේවක සංගමය අදාළ කොන්ත්‍රාත් සමාගමට ලිපියක් යවමින් සංස්‌ථාවට අයත් උපකරණ ආපසු ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
දැයට කිරුළ ප්‍රදර්ශනයේ තෙල් සංස්‌ථා කුටිය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ පනහකට ආසන්න මුදලක් වැයවී ඇත.
http://www.divaina.com/2012/03/14/news12.html
No comments:
Post a Comment