බොයිලේරු හිමිකරුවන් විසිදෙනකුගේ ආදායම් මාර්ග අහිමිවෙලා
මැදමුලන සමූහ
කටුමග ඕකන්දයාය නොටොල්පිටිය ජුලම්පිටිය ආදී ප්රදේශවල සහ ඇඹිලිපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්රැසක පැගිරි වගාවේ යෙදෙන ගොවීන් පැඟිරි තෙල් අලෙවිකර ගත නොහැකිව දැඩි දුෂ්කරතාවට පත් වී සිටිති. මෙයට මාස කිහිපයකට පෙර රුපියල් එක්දහස් අටසියයක් පමණ වූ පැඟිරි තෙල් බෝතලය මේ වන විට කීයකටවත් අලෙවි කර ගත නොහැකිව ඇත.
මේ හේතුවෙන් පැඟිරි වගාවේ යෙදෙන පවුල් හත් අටසියයක් පමණ අසරණ වී සිටිති. පැඟිරි තම්බා තෙල් නිස්සාරණය කරන බොයිලේරු හිමිකරුවන් විස්සක් පමණ සිය ආදායම් අහිමිව අසරණ වී සිටිති.
පනාමුර ප්රදේශයේ බොයිලේරුවක් අසල ගොඩ ගසා ඇති පැඟිරි තොගයක්.
ඡායාරූපය-මැදමුලන සමූහ
එම බොයිලේරු හිමියන් පැඟිරි තෙල් විශාල ලෙස ගබඩා කරගෙන ඇත. වගා කරුවන් කපාගත් පැඟිරි ගොඩ ගසා ඇති අතර, කැපීමට ඇති පැගිරි වල්බිහිවී ඇත.
ඉදිරියේදී පැඟිරි වගාව විනාශ වී යා හැකි බවද එම නිසා අදාළ බලධාරීන් මේ ගැටලුවට මැදිහත්ව කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බවද කළුවගහයාය ප්රදේශයේ පැඟිරි වගකරුවකු වන ඩබ්ලිව්. ඒ. ගුණදාස කීවේය.
රජය මගින් පැඟිරි වගාව සඳහා අක්කරයට රුපියල් දොළොස් දහසක් පමණ ආධාර ලබාදෙයි. පැඟිරි තම්බා නිස්සාරණය කරන බොයිලේරුවක් සැකසීමට රුපියල් ලක්ෂ 12 ක් පමණ වැය වෙයි.
ප්රදේශයේ බොයිලේරු හිමිකරුවකු වන වීරසිංහ - පැඟිරි වගාකරුවන් මේ අර්බුදය නිසාම සංවිධානය වී ගොවි සංවිධානයක් පිහිටුවා ගන්තා සුළු අපනයන බෝග ප්රවර්ධන ඇමැතිවරයාට මේ පිළිබඳව දන්වා තිබෙනවා.
http://www.dinamina.lk/2012/03/21/_art.asp?fn=r1203213
No comments:
Post a Comment