අම්බලන්තොට විශේෂ - එස්ග සෝමසිරි
පෙර කල සිට අලි හා මිනිසුන් අතර වූයේ මිතුරු සබඳතාවකිග සිව් රඟ පිරිසට එක්ව රටේ ඒකීය භාවය සඳහා සහාය වූහග ආගමික හා සංස්කෘතික කටයුතුවලදී පෙරමුණ ගත්තෝයග ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මිනිසාට මෙහෙ කළහ.
එහෙත් ඇතැම් පරදේශක්කාර සුද්දෝ එබඳු මෙහෙවර තුට්ටුවකට මායිම් නොකර මේ දැවැන්ත සතුන්ට ගිනි බින්දෝයග අපේ අයද බලකොටු තනා අලි ඇතුන් ගාල් කර හිංසා පීඩා කළහග නිදහසින් පසු රටේ කෘෂිකාර්මික සංවර්ධනය ශීඝ්‍ර වියග කැලෑ එළි පෙහෙළි කරල ගොවිබිම් ගොඩනැගුවද අලි ඇතුන්ගේ වාසයට කැලෑ ඉතිරි වියග ආහාර පාන හිඟ නොවීයග ඉන් පසු කලක සිදුවූ ශීඝ්‍ර සංවර්ධනය සමඟ මේ තත්ත්වය මුළුමනින් වෙනස් වියග අලි ඇතුන්ගේ පුරුදු මංමාවත් වැසී ගියේයග නිජබිම් අහිමි වියග ආහාර පාන හිඟ වියග ඒ සියල්ල අකාරුණිකව මිනිසා අත්පත්කර ගත්තේයග දෙපිරිස අතර වෛරය දලුලන්නට වියග අද වනවිට මෙය ලංකාවේ ඇතැම් ප්‍රදේශවල උග්‍ර ලෙස ව්‍යාප්තව ඇතග ඉන් අපගේ අවධානය යොමු වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට හා සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ගම්මාන ගණනාවකදී මෑතත අත්දුටු කනගාටුදායක සිද්ධීන් කිහිපයක් කෙරෙහිය.
එකිනෙකට සමීප දින කීපයක් තුළ වටිනා මිනිස් ජීවිත හතක් අලියාට බිලිවූයේ ඉතා මෑතකදීයග උදේ පාන්දර හා රෑ පානේ ගමනක් බිමනක් යැමට හෝ අන් කාරණාවක් සඳහා එළිපහළියට බැසීමට නොහැකග ඒ අලියා කොහේ සැඟවී සිට පහර දේදැයි නොදන්නා හෙයිනිග මේ ෙ€දනීය තත්ත්වයට මුහුණ දී සිටින්නේ ධන ධාන්‍යාදියෙන් ආඪ්‍ය වූ පුද්ගලයන් නොවේග මහ පොළොව සමඟ හැපී එදිනෙදා වේල සරිකර ගන්නා අහිංසකයෝය.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් යම් යම් ප්‍රදේශද ආවරණය වන පරිදි මහවැලි සංවර්ධන අධිකාරියේ වලව වම් ඉවුර සංවර්ධන කලාපය පැතිර තිබේග වීල අතිරේක බෝගල එළවළුල පළතුරු එම ප්‍රදේශවල වගා කර තිබේග ඒවා ලෙඩ රෝගවලින්ල ගවයන්ගෙන් හා වල් අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට ගොවීන්ට විඳීමට සිදුවන ගැටළු අපමණයග මින් වඩාත් දරුණු වන්නේ වල් අලින්ගෙන් සිදුවන විනාශයයි.
වල්සපුගලල කටුවැවල කරුවලවැවල මයිලපුරල සීනික්කුවල නවයේ ඇළල කුකුල්කරමැටිය ආදී මහවැලි ගම්මානවල ගොවීහු මෙසේ වල් අලින්ගේ අතවරවලට වැඩි වශයෙන් ලක්ව සිsටිතිග එකඑල්ලේ මහ පොළොවට එන දැඩි හිරු රැස්වලට ගත නිරාවරණව පිළිස්සෙද්දීල කර්කශ මහ පොළොව සමඟ ඔවුන් පොර බදන්නේ දූ දරුවන්ගේ හෙට දවස සැපවත් කිරීමටයග වගාකොට රට නගන්නටයග වල් හෝ වන හෝ අලින්ට ආහාර සපයා දීමේ කාරුණික සිතින් නොවේ.
දහදුක් විඳ වගා කළ කෙසෙල් වගාවේ කෙසෙල් කැන් දැක දැකල මඤ්ඤොක්කාල රටකජුල එළවලු ආදියේ පල නෙලා ගන්නට ඔන්න මෙන්න කියා තිබියදී වල් අලින් ඒවා විනාශ කරන්නේ නම් කරන්නේ කුමක්දරෑ කියන්නේ කාටදරෑ මේ නිසා වල් අලින් හා ඊට සම්බන්ධ පාර්ශ්වයන් කෙරෙහි ගොවීන්ගේ සිත් තුළ වෛරයක් හට ගැනීම පුදුමයක් නොවේග එය ඊට මුහුණ දුන් ගොවීන්ම හැර අන් අයෙකුට තේරුම් ගැනීම අපහසුය.
අපි එක් ගොවි බිමකට ගියෙමුග අක්කර දෙකක් පමණ අළු කෙසෙල් හා ඇඹුල් කෙසෙල් වගා කර තිබිණිග කැන් සිය ගණනක් බිම පතිතව තිබේග හදවත කඩා වැටෙයිග නොපැසුණු ඒ කෙසෙල් කැනක් අඩි 3 කට වඩා දිගු වේග මඤ්ඤොක්කා වගාවක් මුළුමනින්ම විනාශ කර ඇත.
මේ දවස්වල එලවළුවලට මිලක් ගන්න බැහැග අලු කෙසෙල් වුණත් එහෙමයිග ඒ වුණාට ඇඹුල් කෙසෙල්වලට ලබන මාසෙ වනවිට හොඳ මිලක් එනවාග මුල ඉඳලම මේ කාලය ඉලක්ක කරලයි අඹුල් වගා කළේග ඒවාට රුපියල් දහස් ගණනක් වියදම් වුණාග සරුවට කෙසෙල් ගස් හැදිලා ලොකු කැන් හැදුණාග මෙවර නම් ණයතුරුස් ගෙවලාල ලාභයක් ලබා ගන්න පුළුවන් බව ඇස් පනාපිට පෙනුණාග ඒත් අලි පැනලා එක රෑට මේවා විනාශ කළාම කොහොමද ඉවසන්නෙග ඒ එක් වගාකරුවෙකු වූ එම්ග එච්ග පියසේන මහතාගේ හඬයි.
නීල් පරණමාන මහතා( ,මමත් කෙසෙල් වගා කළේග රුපියල් 30 බැගින් පැළ 200 ක් මිලට ගත්තාග මුල් කාලෙ අලි කරදරයක් නැහැග ගස් පීදුනාම තමයි අලි එන්න පටන් ගත්තෙග මේ අලි එළවන්න හරිම අමාරුයිග රතිඤ්ඤා වලට බය නැහැග සමහර මුදල් ඇති ගොවීන් තම තමන්ගේ වගාව වටා පුද්ගලිකව ඉදිකරගත් විදුලි වැටක් යොදා ගන්නවාග අපිට එහෙම කරන්න සල්ලි නැහැග අන්තිමට අවුරුද්දක් විතර වෙච්ච මහන්සිය එක රැයින් විනාශයි.
වල් අලි විනාශ කරන්නේ වගාවන් පමණක් නොවේග ගෙවල් දොරවල් කඩා ආහාර සොයතිග ගොවිපොළේ වාඩි කඩා කුසට යමක් තිබේදැයි බලතිග ඩීග ජීග සුමිතා මහත්මිය ඒ ගැන මෙසේ කීවාය.
යායෙ ඉන්න හැමෝම රාත්‍රිය ගත කරන්නෙ ගස් උඩ පැළකග අලියා කොයි වේලේ ඒවිද දන්නෙ නැෙහැග ඒ නිසා බිමට බහින්න බයයිග බිම ගිනි මැල ගහලා තිබ්බත් අලියා බය වෙන්නෙ නැහැ.
මගේ ගේ ගඩොලින් බැඳලා උළු සෙවිලි කරලා තිබුණාග ගේ ඇතුලෙ තිබුණු වී ටික කාල ගියේ ගේ කඩාගෙන ඇතුළට ගිහිංග ඒ කොච්චර විනාශයක් කළත් අපිට වන්දියක්වත් ලැබෙන්නෙ නැහැග නිලධාරීන්ට කිව්වට ඒ අය එක එක කතා කියනවා.
මේ ගම්මානවල වැසියන් මහ මෙරක් තරම් දේවල් රජයෙන් නොඉල්ලතිග රජය ඔවුන්ට ඉඩම් ලබා දී තිබේග ජලය ලබා ගැනීමට පහසුකම් සලසා තිබේග ඒ නිසා මීට වසර ගණනාවකට පෙර වැසි සමයේදී හැර බිම් අඟලක් නොතිබූ නොතෙමුණු රූස්ස කැලෑව අද හරිත වර්ණ වගා බිම් බවට පත්ව ඇතග සහන මිලට පොහොර ලැබේග රට සරු කිරීමට ,අපි වවමු, යන්න අකුරට ක්‍රියාත්මක කිරීමට වෙර දරතිග ඔවුන් ඉල්ලන්නේ ඒ සියලු පහසුකම් දුන්නා සේ වගාවට වින කරන මේ වල් අලි කරදරවලට විසඳුමක් දෙන ලෙසය.
http://www.divaina.com/2012/03/19/provin01.html
No comments:
Post a Comment