ප්‍රියදර්ශන ලියනගේ
ලංගම සේවකයන් විසින් රට පුරා ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශ වෙත ලංගම බස් වලින් බෙදා හරින තැපැල් මලු 5000 කට වැඩි ප්‍රමාණයක් නියමිත වෙලාවට බෙදා හැරීමට නොහැකිව ස්‌ථාන රැසක සිරවී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට දුෂ්කරතාවන් රැසකට මුහුණ දීමට සිදුවී තිබේ. රට පුරා පිහිටි උප තැපැල් කාර්යාල වලින් 50% කටත් වැඩි ප්‍රමාණයකට තැපැල් මලු බෙදාහැරීම සිදුකරන ලබන්නේ ලංගම බස් රථ මගිනි.
http://www.divaina.com/2012/03/17/news02.html
No comments:
Post a Comment