Saturday, March 17, 2012

කන්තලේ වී කිලෝ ලක්‌ෂ 2 ක්‌ වත් මණ්‌ඩලය තාමත් මිලදී ගෙන නැතිලු

කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ



කන්තලේ වී ගබඩාව ගොවීන්ගෙන් වී මිලදී ගැනීම ආරම්භ කොට දැන් සති දෙකකට ආසන්න වුවද මේ වනවිට අඩුම තරමින් වී කිලෝ ලක්‌ෂ 2 ක්‌ වත් ගැනීමට සමත්වී නැති බව එහි නිරීක්‌ෂණ චාරිකාවක යෙදුන අපට දැකගත හැකිවිය.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ වී අලෙවි මණ්‌ඩලය වී ගැනීමට සූදානම් වන විට ගොවීන් තම වී අස්‌වනු පෞද්ගලික වෙළෙඳුන්ට විකුණා හමාරවීමත්, මණ්‌ඩලයට දීමට තරම් ගොවීන් ළඟ තිබෙන වී ප්‍රමිතියට අනුකූලව නොතිබීමත්ය.

මණ්‌ඩලයට දීමට ගෙනෙන ලද වී තොගයත් මිලදී ගැනීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා වී ගබඩා සංකීර්ණ මිදුලේ වී ටික දමා වේලන මෙම දසුන ඊයේ (16 දා) පෙරවරුවේ ඇස ගැටුණු අයුරුයි මේ.


http://www.divaina.com/2012/03/17/news15.html

No comments:

Post a Comment