පැනගිය හිමිකරු අල්ලන්න පරීක්‌ෂණ
චමින්ද සිල්වා
නාඋල මේල්පිටිය ප්‍රදේශයේ දඩමස් අලෙවි කරන මුවාවෙන් සුනඛ මස් අලෙවි කරන මධ්‍යස්‌ථානයක් (17 වැනිදා) සවස නාඋල පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක් විසින් වටලා සුනඛ මස් කොටස් කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.
කාලයක සිට දඩමස් මුවාවෙන් සුනඛ මස් අලෙවි කරන මධ්‍යස්‌ථානයක් නාඋල මේල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත එම ස්‌ථානය වටලන අවස්‌ථාවේ එය පවත්වාගෙන ගිය පුද්ගලයා පලාගොස් ඇත.
මෙම පුද්ගලයා දඩයක්‌කරුවකු ලෙස පෙනී සිටිමින් සුනඛ මස් නාඋල ප්‍රදේශයේ හෝටල් කිහිපයකට සහ ප්‍රභූ පුද්ගලයන්ට මස් කිලෝවක් රුපියල් 350 බැගින් අලෙවි කර ඇතැයි පොලිසියට තොරතුරු ලැබී තිබේ.
නාඋල පොලිස් ස්‌ථානාධිපති ශ්‍රී ලාල් හෙට්‌ටිආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති එම්. විෙ-කෝන් මහතා පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්‌ෂණ ආරම්භ කර තිබේ.
http://www.divaina.com/2012/03/20/news20.html
No comments:
Post a Comment