සිරිමන්ත රත්නසේකර
මුහුදු සීමා උල්ලංඝනය කළ මෙරට ධීවර කාර්මිකයන් පස් දෙනකුගෙන් සමන්විත ධීවර යාත්‍රාවක් 17 වැනිදා තමිල්නාඩු මුහුදු සීමාවේදී එම ප්‍රාන්ත වෙරළාරක්ෂක බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 05 වැනිදා දෙවුන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය "දුෂ්‍යන්ත පුතා" ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවර කාර්මිකයන් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම ධීවර කාර්මිකයන් හා යාත්‍රාව නිදහස් කර ගැනීමේ කටයුතු ධීවර දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යංශය, තානාපතිවරුන් හරහා මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ඉදිරි දෙසතිය ඇතුළත ඔවුන් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම පිරිස අත්අඩංගුවට ගැනීමත් සමඟ ඉන්දීය අත්අඩංගුවේ සිටින මෙරට ධීවර කාර්මිකයන් 15 ක් හා යාත්‍රා 03 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය සඳහන් කරයි.
http://www.divaina.com/2012/03/20/news12.html
No comments:
Post a Comment