අයෙක් මරුට : අනෙකාට බරපතළයි
රක්ෂණ ශ්‍රියන්ත සහ මල්වාන සමූහ – මහානාම විතානගේ
පූගොඩ ප්‍රදේශයේ (15) ඊයේ සිදුවු වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඩී. එම්. ඉන්ද්‍රතිස්ස දිසානායක නමැති පූගොඩ තරාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි වැදීමෙන් තුවාල ලත් අනෙක් තුවාලකරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩි තැබු පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
කැලණි ගඟේ මැණික් ගැරීමක් සම්බන්ධව ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පූගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
http://www.dinamina.lk/2012/03/16/_art.asp?fn=u1203164
No comments:
Post a Comment