එච්. අනිල් ප්‍රේමදාස වයඹ දිසා සමූහ
වයඹ පළාත තුළ ඇති හරක් මස් කඩ දෙසිය පනස් දෙක තුළ දිනකට ගවයින් එකසිය විසිහය දෙනෙකු මරා දමන බව වයඹ පළාත් මානව සම්පත් අධිකාරිය පැවැත්වූ සමීක්‍ෂණයකින් හෙළිවී තිබේ. වයඹ ප්‍රධාන ඇමැති නීතිඥ අතුල විජේසිංහ මහතාගේ උපදෙස් පිට මෙම සමීක්ෂණය සිදුකර ඇත. ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය සඳහා රුපියල් මිලියන හතළිස් තුන් දහස් අසූ හයක මුදලක් වැය වන බවද මෙහි දී හෙළි විය.
ඉදිරියේ දී ඇති විය හැකි ගවයන්ගේ හිඟය මෙන් ම ගව ඝාතනය අවම කර ගැනීමේ අරමුණින් මරණයට කැපවූ ගවයන් බේරා ගැනීමේ වැඩපිළිවෙළක් වයඹ මානව සම්පත් අධිකාරිය අරඹා ඇත. ලංකා බැංකුවේ කච්චේරි ශාඛාවේ ගිණුම් අංක (6704534) යටතේ ඔබට ද මේ සඳහා දායක විය හැකිය. මේ වන විට මේ යටතේ ගවයින් විසිහය දෙනෙකු මරණයෙන් ගලවාගෙන ඇත.
http://www.dinamina.lk/2012/02/13/_art.asp?fn=n1202137
No comments:
Post a Comment