Monday, February 13, 2012

Oil price increase - amounts & impacts (4 items)

පෙට්‍රල් 149යි-ඩීසල් 115යි-භූමිතෙල් 106යි
සමන් ගමගේ - ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ සචිත්‍ර ඇල්වලගේ

වහාම ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල පෙරේදා (11 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය පියවර ගනු ලැබීය. නව මිල සංශෝධනයට අනුව මෙතෙක්‌ රුපියල් 84 ක්‌ වූ ඩිසල් ලීටරයක මිල රුපියල් 115 දක්‌වා රුපියල් 31 කින්ද රුපියල් 137 ක තිබූ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 149 දක්‌වා රුපියල් 12 කින්ද ඉහළ යන අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 71 සිට 106 දක්‌වා රුපියල් 35 කින් ඉහළ දැමෙනු ලැබේ. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල්

බැරලයක මිල ඇමරිකානු ඩොලර් 105 ත් 106 ත් අතර සිට 118 දක්‌වා සියයට 10-12 අතර ප්‍රමාණයකින් ඉහළ යැම සහ රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව තව දුරටත් අවප්‍රමාණය වීම රජය මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුව වී තිබේ.

ඉහත තත්ත්වය හමුවේ ඛනිජ තෙල් සංස්‌ථාව ලබන අධික පාඩුව යම්තාක්‌ පියවා ගැනීම සඳහා මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය වී ඇත.

ඉන්ධන මිල ඉහළ දැමුවද පොදු ප්‍රවාහන සේවාවන් සඳහා ඉන් බලපෑමක්‌ ඇති නොවන පරිදි වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමටද රජය තීරණය කර ඇත.

ඒ අනුව ලංගම සහ පෞද්ගලික බස්‌ රථ, පාසල් වෑන් රථ, ත්‍රිරෝද රථ සහ ධීවර යාත්‍රා සඳහා ඉන්ධන මිල ඉහළ යැම බලනොපාන පරිදි සහන ක්‍රමවේදයක්‌ ඇති කරන බව රජය සඳහන් කරයි.

මේ වන විට රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල් 110 සිට 115 දක්‌වා තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර බටහිර රටවල පවතින ශීත දේශගුණික තත්ත්වය හමුවේ එම රටවල ඉන්ධන භාවිතය ඉහළ යැමෙන් ලෝක වෙළඳ පොළේ ඉන්ධන බැරලයක මිල ඉහළ ගොස්‌ ඇති බව මෙම මිල ඉහළ දැමීම පිළිබඳ "දිවමිණ"ට අදහස්‌ දැක්‌වූ ඛනිජ තෙල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

එහෙත් මෙම මිල ඉහළ දැමීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව මෙරට ජනතාවට ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙන සහන හේතුවෙන් සංස්‌ථාව ලබන පාඩුව සම්පූර්ණයෙන් පියවා ගැනීමක්‌ සිදු නොවන බවද එම ප්‍රකාශකයා පැවැසීය.

මෙතෙක්‌ ඉන්ධන ලබා දීමේදී භූමිතෙල් ලීටරයක්‌ සඳහා රුපියල් 45 ක්‌ සහ ඩීසල් ලීටරයක්‌ සඳහා රුපියල් 25 ක පාඩුවක්‌ සංස්‌ථාව දැරූ බවද කී හෙතෙම පෙට්‍රල් ලීටරයකින් සංස්‌ථාව රුපියල් හතක ලාබයක්‌ ලැබූ බවද කීය.

මෙම මිල ගණන් සමස්‌තයක්‌ වශයෙන් ගත් කල සංස්‌ථාව පාඩු ලැබූ බවද කී එම ප්‍රකාශකයා නව මිල සංශෝධනය තුළින් වුව සංස්‌ථාවට ලාභයක්‌ හිමි නොවන බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


http://www.divaina.com/2012/02/13/news02.html


 ‘රජය ඉන්ධන මිල වැඩි කළද ඩීසල්-භූමිතෙල් සහනාධාරය දිගටම’

පණ්ඩුක සමරසේකර

රජය ඉන්ධන මිල වැඩි කළද ඩීසල් සහ භූමිතෙල් සඳහා තවමත් සහනාධාරය ලබා දෙන බව අවධාරණය කරයි.

ඒ අනුව ඩීසල් ලීටරයකින් රුපියල් 2.45 ක මුදලක්ද භූමිතෙල් ලීටරයකින් රුපියල් 4.60 ක මුදලක් ද පාඩු ලබමින් සහනාධාර වශයෙන් ලබා දෙන බව ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ බලන අලෙවි කළමනාකරු එස්. එම්. සී. පී. සමරකෝන් මහතා ඊයේ (12) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසී ය.

බස්නාහිර පළාතේ පමණක් වසරකට භූමිතෙල් ලීටර් මිලියන 52 ක් පරිභෝජනය කරනු ලබන බවත්, එම පරිභෝජනය නිවාසවල නොව හුදෙක් කර්මාන්ත ශාලාවල පරිභෝජනය සඳහා යොදා ගන්නා බවට සමීක්ෂණවලින් හෙළි වී ඇති බවද පැවසූ සමරකෝන් මහතා, මේ හේතුවෙන් භූමිතෙල් සහනාධාරය ලැබිය යුතු පිරිස නොව එය ලබා ගන්නා වැඩි පිරිස කර්මාන්ත ශාලා හිමිකරුවන් බවද පැවැසීය.

ඉන්ධන සහනාධාරය අඩු කළත් ඉන්ධනවලින් රජය තවමත් පාඩුලබන බව පැවසූ සමරකෝන් මහතා ජනතාව විකල්ප බලශක්ති කෙරෙහි පුරුදු කිරීමේ මූලික පියවරක් ලෙසද මේ සහනාධාර කපා හැරීම සිදුකළ බවත්, ජීව, වායුව, සූර්ය, බලශක්ති සුළං බලශක්ති බවට පරිවර්තනය කර එම බල ශක්තීන් කෙරෙහි නැඹුරු කිරීමේ ප්‍රවණතාවයක් ඉන් ඇති කළ යුතු බව ද පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත් ලොව වැඩිම ඛනිජ තෙල් නිෂ්පාදන රට වන ඉරානයට සම්බාධක පැනවීම හරහා ඛනිජ තෙල් මිල ජාත්‍යන්තර වශයෙන් දිගින් දිගටම ඉහළ යාම නොනැවැත්විය හැකි හේතුවක් බවද, මේ නිසා ඉදිරියේ දී ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඇතිවන මිල ගණන් උච්චාවචනය හමුවේ එයට මුහුණ දීමට රජයට සිදුවන බවද පෙන්වා දුන්නේ ය.


http://www.dinamina.lk/2012/02/13/_art.asp?fn=p12021311


Petrol price revision

The prices of several petroleum products have been increased with effect from February 11 midnight, the Ceylon Petroleum Corporation (CPC) said in a release.

"Although the prices of petroleum products in the international market are continuously increased, the government has not increased domestic prices of petroleum products similarly and has absorbed huge losses and offered products at heavily subsidized prices to the public and industrial sectors," the CPC said.

"Therefore, we are compelled to increase the prices of the following petroleum products with effect from February 11 midnight to mitigate the losses borne by the corporation to date," the release added. Lanka Petrol 90 Octane sold at Rs 137 per litre has been revised to Rs 149, Lanka Petrol 95 Octane from Rs 155 to Rs 167, Lanka Auto Diesel from Rs 84 to Rs 115, Lanka Super Diesel from Rs 106.30 to Rs 142, Lanka kerosene from Rs 71 to Rs 106, Lanka Industrial Kerosene from Rs 76 to Rs 111, Lanka Furnace Oil from 800 Sec from Rs 52.20 to Rs 92.20, Lanka Furnace Oil 1500 Sec from Rs 50 to Rs 90, Lanka Furnace Oil 3500 Sec from Rs 50 to Rs 90. The prices of the following petroleum products have been revised to the Ceylon Electricity Board and Independent Power Producers (IPP). Lanka Furnace Oil (High Sulpher -1500 sec and 3500 sec Rs 65 per litre, Lanka Furnace Oil (Low Sulpher) - 1500 Sec Rs 75 and Naphtha Rs 90


"Even though, we increased the prices of petroleum products to the public and industrial sectors, the government still absorbs a considerable loss on petroleum products and continues to keep the above subsidized prices to reduce the impacts on national economy," the CPC said.

Outstation spot selling prices of petroleum products have also been revised, the release added.

http://www.dailynews.lk/2012/02/13/news16.asp


Oil price increase: ‘No dramatic price increase in primal commodities’

Chamikara Weerasinghe

Co-operatives and Internal Trade Minister Johnston Fernando yesterday said they do not expect any sudden increase in prices of basic commodities although oil prices are sky-rocketing worldwide.

Minister Fernando said, although international oil price revisions can affect every area of trade both internal and external, Sri Lanka is prepared to face situations that would have negative macroeconomic effects, due to trade and political activities in the international sphere.

“The current explosion in oil prices is a situation that can have an adverse effect on many economies,” he explained.

Asked to explain the reasons for his confidence that there will be no dramatic rise in the prices of commodities, such as, rice and vegetables, Fernando said, the country has enough rice and vegetables in its reserves.

Admitting that a price increase in crude oil can have a direct influence on transport costs of commodities, the minister said, “even though, this can affect the prices in terms of costs involved in transport, we can still manage the situation since we have buffer stocks of these agricultural goods,” he said.

“There is no chance of things getting out of hand,” he added.

“Production of rice and vegetables in excess helped us overcome the problems even when the rupee was being devalued in the past,“ he explained. The country’s agriculture sector has been led to produce more than the country’s demand under the guidelines for food security in the Mahinda Chinthana over the past years, he pointed out.

“The country produces rice and vegetables more than the demand as at present. We do not expect a dramatic increase in prices of primal goods, such as, rice and vegetables due to the oil price increase in the international market,” he said.

http://www.dailynews.lk/2012/02/13/news13.asp

No comments:

Post a Comment