Monday, February 13, 2012

Oil price increase (2 items)

තෙල් මිල වැඩි වුණත් ජනතාවට සහන රැසක්
බස්, ත්‍රිරෝද, පාසල් වෑන්, ධීවර, ඉන්ධන සහන අද සිටම


ජයසිරි මුණසිංහ සහ පණ්ඩුක සමරසේකර

ඉන්ධන මිල සංශෝධනයෙන් පොදු ජනතාවට ඇති විය හැකි පීඩාව අවම කිරීමේ අරමුණෙන් විශේෂ ඉන්ධන සහනාධාර ක්‍රමවේදයක් සැකසීමට රජය තීරණය කර තිබේ.

මේ අනුව පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, ධීවරයන් සහ විදුලිය නොමැති ගම්මානවල ජනතාවට ඉන්ධන සහනාධාරයක් වහාම ලබා දීමට නියමිතය.

පෞද්ගලික බස් රථ හිමියන්ට ලබා දීමට යෝජිත ඉන්ධන සහනාධාරයෙන් අත්තිකාරමක් අද (13) සිටම ලබා දීමට නියමිත බව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල මහතා “දිනමිණ” ට පැවසීය. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සමඟ මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවල දී ගත් තීන්දුවක් අනුව ජාතික ගමනා ගමන කොමිසමේ නිර්දේශ මත අදාළ සහනාධාරය බස් රථ හිමියන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වලටම බැර කෙරේ.

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ප්‍රථමයෙන් අදාළ ක්ෂේත්‍රවල සියලු සමිති සමාගම් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණි බවත් ආටිගල මහතා කීවේය.

බස් රථ ධාවනය වන දින ගණන හා කිලෝ මීටර් සංඛ්‍යාව අනුව සහනාධාරය ගණන් බලා අදාළ මුදල ගිණුමට බැර කිරීමට නියමිතය.

ත්‍රිරෝද රථ හිමියන් සඳහා ඉන්ධන සහනාධාරය ක්‍රියාත්මක කෙරෙන්නේ වර්ෂ 2008 දී ක්‍රියාත්මක කෙරුණු ආකාරයට ය.

විදුලිය නොමැති ගම්මානවල සමෘද්ධිලාභීන්ට ඔවුන් ගේ සමෘද්ධි කාඩ්පත් සඳහා ඉන්ධන සහනාධාරය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා ඇත.

ධීවරයන්, පාසල් වෑන් රථ හිමියන් සහ විදුලිය නොමැති ප්‍රදේශවල ජනතාව සඳහා ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් අදාළ තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව සහනාධාරය ක්‍රියාත්මක කෙරේ.

මේ සියලු දෙනාටම මේ වසරේ මාර්තු මස වන විට නිශ්චිතවම සහනාධාරය ලැබෙන විධිමත් වැඩපිළිවෙළක් සැකසීම රජයේ අරමුණ බවත් ආටිගල මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ ඉන්ධන මිල සංශෝධනය ඛනිජ තෙල් සංස්ථාව දැනට ලබන පාඩුව මුළුමනින්ම පියවීමට තරම් ප්‍රයෝජනවත් නොවන බව ආටිගල මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.


http://www.dinamina.lk/2012/02/13/_art.asp?fn=p1202131

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස්‌ ධාවනය නවතී
වැඩි වූ මිලට සරිලන ගාස්‌තුවක්‌ හෝ ඩීසල් සහනාධාරයක්‌ ඉල්ලති


චමින්ද සිල්වා - ප්‍රදීප් සමරකෝන්

ඩීසල් ලීටරයක මිල රුපියල් 31 කින් ඉහළ දැමීම නිසා එයට සරිලන බස්‌ ගාස්‌තුවක්‌ හෝ ඩීසල් සහනාධාරයක්‌ ලැබෙන තෙක්‌ ඊයේ (12 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට බස්‌රථ ධාවනයෙන් ඉවත් වූ බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පැවසීය.

ඩීසල් මිල ඉහළ යැම නිසා බස්‌රථයක්‌ දිනපතා රුපියල් 2,500 ත්a 3,000 ත් අතර පාඩුවක්‌ ලබන බව පැවසූ විඡේරත්න මහතා මෙම පාඩුව නිසා බස්‌රථ ධාවනයේ යෙදවීමට නොහැකි කමින් ධාවනයෙන් ඉවත්වන බවද හෙතෙම කීය.

ඊයේ (12 වැනිදා) දිනයේදී නැගෙනහිර පළාතේ මාර්ග කිහිපයක සහ මතුගම සිට කොළඹ බස්‌රථ ධාවනයෙන් ඉවත්ව සිටි බවද කී විඡේරත්න මහතා බස්‌රථ ධාවනය දිවයින පුරා සියයට විස්‌ස දක්‌වා අඩුව පැවැති බවද කීය.

රජය විසින් බස්‌රථවලට ඉන්ධන සහනයක්‌ දෙන බවට පොරොන්දු වුවත් එම සහනය බස්‌රථවලට මුලින් ලබාදී තෙල්මිල වැඩි කිරීම කළ යුතුව තිබූ බවද විඡේරත්න මහතා කීය.


http://www.divaina.com/2012/02/13/news01.html

No comments:

Post a Comment