ශිරාන් රණසිංහ
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ විධායක නිලධාරීන් හාරසීයක් පමණ දෙනාට ලැබෙන වැටුප් හා දීමනාවලට අමතරව වෙනත් රාජකාරී ඉටුකිරීමේ දීමනා ලෙස මසකට රුපියල් ලක්ෂ හයසීයක පමණ විශේෂ ගෙවීම් කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් "දිවයින" ට පැවැසීය. දේශපාලන හා විවිධ හිතවත්කම් මත මොවුන් දරන තනතුරට අමතරව වෙනත් තනතුරක වැඩ බලන බව ද හෙතෙම කියා සිටියේය. මෙවැනි දීමනා ලබන අය පිළිබඳව කිසිවකු සොයා නොබැලීම පුදුමයක් යෑයි ද ඔහු පැවැසීය.
පසුගියදා තෙල් සංස්ථා සේවකයන්ට කළ වැටුප් වැඩිකිරීම් යටතේ වැටුපට සමානව අතිකාල ගෙවීමට නියමව තිබුණ ද දේශපාලන හා විවිධ හිතවත්කම් මත ඒ ඒ අයට ගෙවන අතිකාල ප්‍රමාණය වෙනස් වන බව ද තෙල් සංස්ථා සේවකයෝ පවසති. ඇතැම් සේවකයින් වැටුපට වඩා අතිකාල ලබන්නේ ඒ අනුව යෑයිද ඔවුහු කියති.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ සී. ජී. එස්. ටී. එල්. සමාගමෙහි විධායක නිලධාරීන්ට මසකට ගෙවන රුපියල් ලක්ෂ හයසියයක අමතර දීමනා ගෙවීම සහ සෙසු සේවකයන්ට විශාල ලෙස අතිකාල ගෙවීම අවම කිරීට නම් පුරප්පාඩුව පවතින තනතුරුවලට සුදුස්සන් පත්කිරීම කළ යුතුව ඇතැයිද සේවකයෝද පවසති.
තෙල් සංස්ථාව බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්වීමට මෙම තත්ත්වයද බලපාන බව ඒ අය පෙන්වා දෙති.
http://www.divaina.com/2012/02/06/news07.html
No comments:
Post a Comment