- ඇමැති මහින්ද අමරවීර
මාතලේ විශේෂ - නිමල් ගුණතිලක
කෝප් කමිටු වාර්තාවෙන් හඳුනාගෙන ඇති මහජන මුදල් වංචා කළ සියලුම දෙනාට දඬුවම් කිරීම ස්‌ථිර යෑයි කෝප් කමිටුවේ සාමාජික ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
මහජන මුදල් වංචා කළ, දූෂණවලට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති මැති ඇමැතිවරුන්, රාජ්‍ය, සංස්‌ථා, මණ්‌ඩල අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු නිලධාරීන් කෝප් කමිටු වාර්තාව තුළින් හඳුනාගෙන ඇති බවද ඇමැතිවරයා පැවසීය.
මඟ නැඟුම සභාපතිවරයා ඉවත් කිරීම මෙහි එක් පියවරක් යෑයි ද මේ වනවිටත් වංචා, දූෂණවලට සම්බන්ධ පිරිසකට විනයානුකූලව පියවර ගනිමින් සිටින බවද සඳහන් කළ ඇමැතිවරයා, දේශපාලන පළිගැනීම් කළා යෑයි මඩ ප්‍රචාර පතුරුවාහරින බැවින් එක්‌සත් ජාතික පක්‍ෂය සමයේදී සිදු කළ මහජන වංචා පිළිබඳව පෙර රැස්‌වූ කෝප් කමිටු වලින් හෙළි කළ තොරතුරු ක්‍රියාත්මක නොකළ බවත් පැවසීය.
ඇමැති මහින්ද අමරවීර මහතා මාතලේ දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලයේදී (03 දා) පැවැති ආපදා කළමනාකරණයකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා උපකරණ ලබාදීමේ අවස්‌ථාවට එක්‌වෙමින් මෙම තොරතුරු හෙළි කළේය. මාතලේ දිස්‌ත්‍රික් ලේකම් හෙලන් එA. මීගස්‌මුල්ල මහත්මිය ද මේ අවස්‌ථාවට සහභාගි විය.
http://www.divaina.com/2012/02/06/news17.html
No comments:
Post a Comment