Monday, February 13, 2012

Electricity tariff & Gas prices to increase? (2 posts)

විදුලි බිලත් ඉහළ යන ලකුණු·

ශිරාන් රණසිංහ

ඉන්ධන මිල ඉහළ යැමත් සමඟ, ඩීසල් මගින් විදුලිය ජනනය කිරීමට වැයවන වියදමද ඉහළ යැම නිසා විදුලි ගාස්‌තුද ඉහළ නැංවීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්‌ඩල පාලනාධිකාරිය පවසයි.

පෞද්ගලික ඩීසල් බලාගාර හිමියන්ටද රජය ඉන්ධන සහනාධාරය ක්‍රියාත්මක කරන්නේ නම් ගැටලුවක්‌ ඇති නොවන නමුත් ඒ පිළිබඳ තවමත් නිල දැනුම්දීමක්‌ කර නැතැයි ද පාලනාධිකාරිය කියා සිටි.

කෙරවළපිටිය ද්විත්ව චක්‍රීය බලාගාරයට අවශ්‍ය දැවිතෙල් සහන මිලට, තෙල් සංස්‌ථාව ලබා දිය යුතුව තිබුණද , නිසි වේලාවට එම දැවිතෙල් ලබා නොදීම නිසා එම බලාගාරය පසුගිය කාලයේ වරින් වර නවතා දැමීමට සිදු වූ බව ද එම බලාගාරයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

මෙරට සමස්‌ත විදුලි නිෂ්පාදනයෙන් සියයට හැටපහකට වඩා ඩීසල් බලාගාරවලින් ලබා ගන්නා අතර නියඟ කාලයේදී ඩීසල් බලාගාරවලින් ගන්නා විදුලි ප්‍රමාණය සියයට 65 ඉක්‌මවා යන බව ද ඉංජිනේරුවරු පවසති.

රජය තෝරාගත් ක්‍ෂේත්‍රවලට ඉන්ධන සහනාධාරය ක්‍රියාත්මක කරන බවට කීවද එය නිසි ලෙස ඉටු නොවුනහොත් විදුලි ගාස්‌තු ඉහළ නැංවීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද ඔව්හු පෙන්වා දෙති.

මේ වනවිට රජය ඩීසල් ලීටරයක මිල රුපියල් තිස්‌එකකින්ද, දැවිතෙල් ලීටරයක මිල රුපියල් හතළිහකින්ද, කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් තිස්‌පහකින් ද ඉහළ නංවා තිබේ.


http://www.divaina.com/2012/02/13/news06.html


Now, gas to go up by Rs. 200?

by Lal Gunasekera

Laugfs Holdings have asked for an increase of Rs. 200 plus per a 12.5 kg cylinder as the world prices for LP Gas has gone up during the last few months due to the unstable situation in West Asia.

Since October last year (2011), Laugfs has been appealing to the Consumer Affairs Authority (CAA) for a price increase, which was not approved.

Sources at the Ministry of Cooperatives and Internal Trade told The Island that the Pricing Committee of the CAA would take a decision within the next few days.The price of a 12.5 kg cylinder of Laugfs and Litro is now priced at Rs. 2,046 and the last price increase of Rs. 156 was in August last year.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=45152

No comments:

Post a Comment