Saturday, February 4, 2012

Southern Expressway - First fatal accidents (3 items)

දක්ෂිණ අධිවේගී මඟ පළමු මාරක රිය අනතුර ඊයේ

සුභාෂිනී සේනානායක, කළුතර දිස්ත්‍රික් සංචාරක, කළුතර මධ්‍යම විශේෂ සහ ඉංගිරිය සමූහ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 21.5 කිලෝමීටර් කනුව අසල ඊයේ (3) පාන්දර 1.30ට පමණ සිදුවුූ රිය අනතුරකින් පුද්ගලයකු මිය ගොස් තිබේ. මෙසේ අනතුරට පත්ව ඇත්තේ ගාල්ල පිවිසුමේ සිට කොට්ටාව දක්වා පැමිණි 26 හැවිරිදි පුද්ගලයෙකි. කළුතර උතුර පදිංචි අයකු මෙම අනතුරෙන් මිය ගොස් තිබේ.

වම් පැත්තේ ඇති මාර්ග බාධක වැට කඩාගෙන ගොස් වාහනය පෙරළී ගොස් ඇති අතර මිය ගිය අය වාහනයෙන් විසිවී ගොස් ඇත. මිය ගිය පුද්ගලයා වාහනයේ ආරක්ෂක පටි පැලඳ නැති බවට තහවුරු වී ඇත. අධික වේගයෙන් රිය පැදවූවාද යන්න පිළිබඳ දක්ෂිණ අධිවේගී මාර්ග පොලිස් ඒකකය පරීක්ෂණ පවත්වයි. මිය ගිය අයගේ මරණ පරීක්ෂණය කලුතර නාගොඩ රෝහලේ දී ඊයේ පැවැත්විණි.



ඡායාරූපය - කළුතර දිස්ත්‍රික් සංචාරක

http://www.dinamina.lk/2012/02/04/_art.asp?fn=u1202041


අධිවේගයේ රිය අනතුරකින් මුල් වරට පුද්ගලයෙක්‌ මියයයි

ලසිත දුමින්ද, විජයසිරි විද්‍යාසේකර, බණ්‌ඩාරගම විශේෂ සහ ධර්මසේන වැලිපිටිය


දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ 21.5 සැතපුම් කණුව අසලදී ඊයේ (03 වැනිදා) අලුයම මෝටර් රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ මාරක රිය අනතුරකින් එහි ගමන් ගත් තරුණයකු එම ස්‌ථානයේදීම මියගොස්‌ තිබේ.

අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් සිදුවූ පළමු මරණය මෙය වන අතර මියගිය තරුණයා ගමන් ගත් මෝටර්රථය මාර්ගයෙන් ඉවතට පැන හිස ගලක වැදීමෙන් මෙම මරණය සිදුව ඇත.

මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කිරීම නිසා රියෑදුරට රථය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මෙසේ මියගොස්‌ ඇත්තේ දෙහිවල පල්ලිය පාරේ පදිංචි අරෝෂ ෂෙහාන් කුරේ (26) නමැති මාතර ප්‍රදේශයේ පෞද්ගලික දුරකථන ආයතනයක සේවය කරන තරුණයෙකි.

ඊයේ (3 දා) අලුයම 1.45 ට පමණ සිදුවූ මෙම රිය අනතුරේදී මෝටර් රථය මාර්ගයේ අයිනේ තිබූ ආරක්‌ෂිත වැට කඩාගෙන ගොස්‌ ඉවතට පෙරළීමෙන් රියෑදුරු රථයෙන් ඉවතට විසිවී තිබේ. එහිදී ඔහුගේ හිස ගලක වැදීම නිසා බරපතළ තුවාල සිදුවී මෙසේ මරුමුවට පත්ව ඇතැයි මූලික පරීක්‌ෂණවලින් හෙළි වී ඇත.

මියගිය තරුණයා ගාල්ල සිට පින්නදුව හරහා පන්නිපිsටිය දක්‌වා තම මෝටර් රථය ධාවනය කරමින් සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

අනතුරට පත් මෝටර් රථයට ඉදිරිපසින් ඔහුගේ මිතුරකුද තවත් මෝටර් රථයකින් ගමන් කර තිබේ.

මියගිය තරුණයාගේ මළ සිරුර කළුතර නාගොඩ රෝහලට රැගෙන විත් තිබෙන අතර මරණ පරීක්‌ෂණය ඊයේ (03 ද) දහවල් සිදුකර තිබිණි. අනතුරට පත් මෝටර් රථය කළුතර උතුර පොලිසිය වෙත රැගෙන විත් ඇතැයි පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක අජිත් පිටිගල මහතා "දිවයින"ට පැවැසීය.


http://www.divaina.com/2012/02/04/news04.html


Grieving mother asks youth to heed the law - First fatal accident on Expressway

by Dasun Edirisinghe

Mother of the youth who was killed in an accident on the Southern Expressway in the early hours of yesterday appealed to all to advise youths to respect highway rules and be careful when driving.

"Careless mistake would lead to fatal accidents," she said.

She said her son travelled from Matara to Colombo every Friday, but this week he returned on Thursday.

The 26 – year – old victim, Arosha Shehan Cooray’s vehicle skidded due to excessive speeding and he was thrown out of the vehicle, according to police sources.

He had died on the spot after his head hit a rock.

An old boy of Ananda College, Cooray who was working in the Matara branch of a private telecommunication company, was living on Church Road, Dehiwela.

The accident took place near the 21.5 mile post and the damaged vehicle was brought to the Kalutara North Police station after the accident.

It was also the first fatality on the expressway since it opened on Nov. 28 last year.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=44567

No comments:

Post a Comment