Monday, March 12, 2012

ගවයන් 19 දෙනකු සමග රථය අත්අඩංගුවට

ඒ වනවිටත් 5 ක්‌ මියගිහින්

ඕපනායක- ජයලත් එම්. විමලසේන

සත්ව හිංසනය ඇතිවන පරිදි සහ කිසිදු ලියවිල්ලක්‌ නොමැතිව ගවයින් දහනව දෙනකු ප්‍රවාහනය කරමින් තිබූ රථයක්‌ ඕපනායක පොලිසිය විසින් 11 දා අලුයම ඕපනායක උඩවෙලදී අත්අඩංගුවට ගෙන ඇත. මීගවයින් නවදෙනකු සහ එළ ගවයින් දසදෙනකු ලොරියේ සිටි අතර ඉන් පස්‌දෙනකු තෙරපීම මත මීය ගොස්‌ තිබිණි. මේ සමග සැකකරුවන් පස්‌දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.

රැකවරණය සපයමින් ලොරිය ඉදිරියෙන් ගමන් කළ මෝටර් රථයක්‌ද අත්අඩංගුවට ගෙන ඇති අතර හම්බෙගමුව සිට කොළඹට මෙම ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

සැකකරුවන් සහ වාහන දෙක ඊයේ බළංගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ඕපනායක පොලිස්‌ ස්‌ථනාධිපති ඒ.ඩී. කාරියවසම් මහතාගේ උපදෙස්‌ මත පො.ප. ජයතිස්‌ස, පො.සැ. කුමාරසිංහ (49423) ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් මෙහෙයුම සිදුකර තිබිණි.


http://www.divaina.com/2012/03/12/provin01.html

No comments:

Post a Comment