අජිත් අලහකෝන්
මෙරට මිනින්දෝරුවන් සිටිද්දී මහවැලි ඉඩම් මැනීම සඳහා ඉන්දියාවෙන් මිනින්දෝරුවන් ගෙන්වීමට රජය සූදානම් වේ.
මහවැලි ඉඩම් කැබලි කර ඔප්පු ලක්‍ෂයක් ලබාදීම සඳහා මැනුම් කටයුතු කිරීමට රාජ්‍ය අංශයෙන් මිනින්දෝරුවන් ලබාගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථවීම නිසා මෙම පියවර ගත් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
පෞද්ගලික අංශයෙන් ද මේ සඳහා මිනින්දෝරුවන් කැඳවා ඇතත් ඉල්ලුම් කර තිබෙන්නේ විසිඅටදෙනෙක් බව කී ඇමැතිවරයා ඔවුන් විසිඅට දෙනාට ඉඩම් කැබලි ලක්‍ෂය මැනීම සඳහා අවුරුදු සියයක් පමණ ගතවේ යෑයි ද කීය.
එම නිසා ඉන්දියාවෙන් මිනින්දෝරුවන් ගෙන්වීම සඳහා සාකච්ඡා කෙරෙමින් තිබෙන බව කී ඇමැතිවරයා මේ වන විට වී නිෂ්පාදනය දේශීය අවශ්‍යතාව ඉක්‌මවා යන තත්ත්වයට පත්ව ඇතැයි ද කීය.
http://www.divaina.com/2012/03/12/news31.html
No comments:
Post a Comment