විදුලිබල සහ බලශක්‌ති අමාත්‍ය පාඨලී චම්පික රණවක
සිරිල් විමලසුරේන්ද්‍ර
අසල්වැසි රටවල දවයේ පැය ගණන් විදුලිය කප්පාදු කරද්දී දවසේ පැය විසිහතර පුරාම අඛණ්aඩව විදුලිය සපයන එකම රට ශ්‍රී ලංකාව යෑයි විදුලිබල සහ බලශක්‌ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ විදුලි සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් කිරීම නිමිතිකොට පැවැති උත්සව අවස්‌ථාවේදී ප්‍රකාශ කළේය.
මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්‌ඩපයේදී උත්සව සභාව පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස් දැක්‌වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී දළදා මාලිගාවේ පූජනීයත්වය ආරක්‍ෂා වන පරිදි භූගත විදුලි රැහැන් පද්ධතියක් මගින් විදුලිබලය සැපයීමේ දායකත්වය ලංකා විදුලිබල මණ්‌ඩලයටත් විදුලිබල අමාත්‍යාංශයටත් ලැබීම සුවිශේෂී අවස්‌ථාවක් බව පැවසීය.
විදුලිය අරපිරිමැස්‌මෙන් පරිහරණය කළයුතු අවස්‌ථාවකට ශ්‍රී ලංකාව දැන් පත්වී තිබෙන බව පැවසූ අමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිගාව අටමස්‌ථානය, සොළොස්‌මස්‌ථානය වැනි පූජනීය ස්‌ථානයන් සඳහා විශේෂ විදුලි සැපයීම් මගින් ආලෝක පූජාවන් සිදුකිරීමට විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශයත් ලංකා විදුලිබල මණ්‌ඩලයත් පියවර ගෙන තිබෙන බව පැවසීය.
විදුලිබල මණ්‌ඩලයේ නාස්‌තිය සහ දූෂණය ඇත්තේම නැතැයි නොකියන නමුත් නාස්‌තිය හා දූෂණය අවම කරගනිමින් අරපිරිමැස්‌මෙන් විදුලිය සැපයීමටත් පරිහරණය කිරීමටත් පියවර ගෙන තිබෙන බව අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. ශ්‍රී ලංකාවේ තවමත් සියයට අසූපහක්‌ම නිෂ්පාදනය ජල විදුලියයි. තමිල්නාඩුව වැනි අසල්වැසි රටවල දිනකට පැය අටක් විදුලිය කපයි. දින දෙකක් පුරා විදුලිය කප්පාදු කෙරෙන රටවල් ද තිබේ. දියුණු රටක් වූ ජපානයේ පවා අඛණ්‌ඩව විදුලිය සැපයෙන්නේ නැත. නේපාලය වැනි රටවල දිනකට පැය 16 ක් විදුලිය කප්පාදු කෙරේ. මෙවන් තත්ත්වයක් යටතේ පැය 24 පුරා අඛණ්‌ඩව විදුලිය සැපයීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්‌ඩලය සමත් වී තිබේ.
ඒ නිසා අරපිරිමැස්‌මෙන් විදුලිය පරිහරණය කිරීමෙන් තවදුරටත් අඛණ්‌ඩව රටට විදුලිය සැපයීමට හැකිවනු ඇත.
ශ්‍රී දළදා මාලිගාවේ ව්‍යාපෘති හා මාධ්‍ය අධ්‍යක්‍ෂ ක්‍රිෂාන්ත හිස්‌සැල්ල මහතා ද කතා කළේය.
ලංකා විදුලිබල මණ්‌ඩලයේ සභාපති, නිලධාරීන් සහ මහනුවර නාගරික ප්‍රධාන විදුලි ඉංජිනේරු එස්. අලංගොඩ මහතා ද මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තුෂාර ස්‌වර්ණතිලක මහතා සහ බස්‌නායක නිලමේවරු ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.
http://www.divaina.com/2012/03/12/news30.html
No comments:
Post a Comment