Monday, March 12, 2012

බලවතුන්ගේ අනුදැනුමින් රක්‍ෂිත වනාන්තරවල ගස්‌ කපා සතුන් මැරීමේ ජාවාරමක්‌

බෝගහගොඩ - ඒ. ඩබ්ලිව්. ඒ. නිමල් - ඉමදුව කුමාර කොඩිතුවක්‌කු

ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ මායාකඩුව, කෝබල, බැද්දේගෙදර, පිටුවලහේන, රතුවිලහටංගල ආදී ප්‍රදේශවල රක්‍ෂිත වනාන්තරවල වන සතුන් මැරීමේ හා ගස්‌ කපා ගැනීමේ ජාවාරමක්‌ සිදුවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ඒ අනුව මෙම මහා පරිමාණ දැව හා වනසතුන් සංහාරය සඳහා සමහර දේශපාලනඥයන්ද, රාජ්‍ය නිලධාරීන්ද, දේශපාලන මැරයන්ද පෙරමුණ ගෙන ඇතැයි ඔවුහු පෙන්වා දෙති. ජංගම ලී ඉරුම් යන්ත්‍ර යොදාගෙන මෙම සංහාරය සිදු කරන අතර ගස්‌ කපන්නට ද අහිංසක වන සතුන් මරා දමන්නටද මෙම යන්ත්‍ර භාවිත කරන බව ද පොලිස්‌ පරීක්‍ෂණ වලදී තහවුරු වී ඇත.

මේ නිසා ප්‍රදේශයේ ඉතා ලාභයට හා පහසුවට ශීතකරණ වල තැම්පත් කළ දඩ මස්‌ සඳහා ඉල්ලුමක්‌ද පවතින අතර ඒ සියල්ලම ආරක්‍ෂිත වනාන්තර කලාපයේ ද ඉන් බැහැරව ද මහා පරිමාණයෙන් සිදු කරගෙන යන බව ජනතාව පෙන්වා දෙති.

ජංගම දැව ඉරුම් යන්ත්‍ර වනාන්තරය තුළට ගෙන ගොස්‌ ගස්‌ හා සතුන් මෙසේ මරා දමන අතර වනාන්තර තුළ සිටම ගස්‌ කපා ඉරා වාහන වලින් ප්‍රවාහනය කිරීම ද දැකිය හැකිය. පුද්ගලයන් ගස්‌ කපා රක්‍ෂිත කලාපයෙන් පිටත ලී මඩුවල හා නිවාස වල ඉරා දැව ජාවාරම මහ ඉහළින් සිදු කරන බව ද ජනතාව පෙන්වා දෙති. මේ නිසා රක්‍ෂිත විනාශ වන බවද ඉමදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවින් වන්නිනන්ද මහතා තහවුරු කළේය.

ගාල්ල සහකාර පොලිස්‌ අධිකාරී බන්දුල පෙරේරා මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී පවසන්නේ ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස්‌ ස්‌ථානවලට දන්වා මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.


http://www.divaina.com/2012/03/12/provin02.html

No comments:

Post a Comment