Monday, March 12, 2012

සමනලතූඩුවේ ගොයම් කැපූ කාන්තාවට අලි ප්‍රහාරයක්‌

කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ

සේරුවිල සමනලතුඩුව ප්‍රදේශයේ තම කුඹුරේ ගොයම් කපමින් සිටි එක්‌දරු මවකට වල් අලියකු පහරදීමෙන් ඇය බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සේරුවිල පූජා නගරයේ සමනලතූඩුව ප්‍රදේශයේ පදිංචි ඡේ. ඒ. ඉන්ද්‍රdනි පෙරේරා (36) යන අය මෙසේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

සිද්ධිය වූ 10 දා උදැසන තවත් කීප දෙනකු සමග තම නිවසට නුදුරු කුඹුරේ ගොයම් කපමින් සිටින විට කැලෑව දෙසින් එක්‌වරම පැමිණ ඇති අලියා අනෙක්‌ පිරිස්‌ කෑ ගසද්දී තුවාලකාරිය අසලට පැමිණ ඇයට පයින් ගසා ඇත. ඇය ඈතට විසිවී ඇති අතර එහි සිටි තුවාලකාරියගේ පියා වන රාජා සුනිල් යන අය අසල තිබූ පුටුවක්‌ ගෙන අලියාගේ ඔලුවට දමා ගසා ඇත. ඊට බිය වූ අලියා ආපසු හැරී කැලයට ගොස්‌ ඇත.


http://www.divaina.com/2012/03/12/provin05.html

No comments:

Post a Comment