ගොවීන්ගේ සියලු වී මිලට ගැනේ
අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන්
ඇමැති සංචාරයෙන් වී ප්‍රශ්නයට විසඳුම්
මුදලාලිලාගෙන් වී ගන්න නිලධාරීන් ගැන විමසිල්ලෙන්
විජයානි එදිරිසිංහ පොළොන්නරුවේ සංචාරයෙන් පසු
සාර්ථක වී අස්වැන්නක් ලැබීම නිසා විදේශ රටවල වී ඉල්ලුම වැඩිවී තිබේ. මේ වනවිට වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් සඳහා විදේශ රටවලින් ඇනවුම් ලැබී ඇත. මේ කන්නයේ වී අස්වැන්නට අමතරව රුපියල් කෝටි හාරසිය පනහක් වටිනා වී තොග රජයේ ගබඩාවල ගබඩා කර තිබේ.
මෙතරම් විශාල සහල් තොගයකට විදේශීය ඉල්ලුමක් ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
සහල් තොග ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරි මණ්ඩලයක් රටවල් ගණනාවක නියෝජිතයන් අතර පසුගියදා එම අමාත්‍යාංශයේ දී සාකච්ඡා පැවැත්විණි.
මේ සුබදායි ආරංචිය අමාත්‍යවරයා විසින් පෙරේදා (10) වී වගා කරන ප්‍රදේශවල ගොවීන් හමුවූ අවස්ථාවේ දැනුම් දුන්නේය. මේ සහල් තොග අපනයනය කිරීම සාර්ථක වීමෙන් පසු ගොවියාගෙන් මිලදී ගන්නා වී කිලෝවක් තවත් රුපියල් පහකින් පමණ වැඩියෙන් ගෙවීමට හැකි බව අමාත්‍යවරයා ගොවීන්ට දන්වා සිටියේය.
ඒ අවස්ථාවේ ගොවීන් පවසා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොවීන්ට රුපියල් තුන්සිය පනහේ පොහොර සහනාධාරය ලබාදීම මෙසේ අස්වැන්න වැඩිවීමට බෙහෙවින් බලපෑ බවයි. රජයේ මෙවර ඉලක්කය වූයේ වී මෙට්ට්‍රික් ටොන් එක්ලක්ෂ හැට දහසක් මිලදී ගැනීමටයි. එහෙත් අස්වැන්න වැඩිවීම නිසා මේ ඉලක්කය මෙට්‍රික් ටොන් තුන්ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇත.
ගොවියාගේ සෑම වී ඇටයක්ම මිලදී ගැනීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද අමාත්‍යවරයා පැවසීය. ඒ සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගන්නා ලෙසටද, දැනුම් දී තිබේ. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වී අලෙවි මණ්ඩලය මිලදී ගැනීම් සිදුකරන ආකාරය පරීක්ෂා කිරීමටත් අළුතින් ඉදිකළ වී ගබඩා විවෘත කිරීමටත් ;ගාවියන්ගේ ගැටලු පෞද්ගලිකව සොයා බැලීමටත්, පොළොන්නරුව, අම්පාර, කදුරුවෙල, මනම්පිටිය, දිඹුලාගල, දෙහිඅත්තකණ්ඩිය ඇතුළු ප්‍රදේශ ගණනාවක සති අන්තයේ සංචාරය කළේය.
කුඹුරුවල වැඩ කරන ගොවීන් හමුවී ඔවුන්ගේ ගැටලු සහ ගොවිතැන් කටයුතු සොයා බැලීය.
14% ප්‍රමිතියෙන් යුත් වී තොග මිලදී ගැනීමට සෑම ගබඩාවක්ම පැය විසිහතර පුරාම විවෘත කිරීමට ද තීරණය කෙරිණි.
වී ගබඩා පිරෙන විට මිලදී ගන්නා වී තොග සෙසු පළාත්වල ඇති ගබඩාවල ගබඩා කිරීමට ද අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඇතැම් නිලධාරීන් ගොවීන්ගේ වී නොව මුදලාලිලාගේ වී තොග මිලදී ගන්නා බව ගොවීහු ඇමැතිවරයාට පැමිණිලි කර සිටියහ.
මුදලාලිලා වෙනුවෙන් වැඩකරන නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සෑම වී ගබඩාවක් අසලම පොලිස් නිලධාරියෙකු තැබීමට අමාත්‍යවරයා පොලිස්පතිවරයා සම¼ඟ සාකච්ඡා කර පියවර ගෙන තිබේ.
ගොවීන්ට ගොවිතැන් කටයුතු සඳහා කෘෂි උපකරණ වලට කුලී වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදුවී ඇති බැවින් කෘෂි උපකරණ, කෘමි නාශක බෙහෙත් වර්ග ආදිය සමුපකාරය හරහා ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ගොවීන්ට දැනුම් දුන්නේය.
http://www.dinamina.lk/2012/03/12/_art.asp?fn=n1203121
No comments:
Post a Comment