ලුණම සමූහ සනත් ගමගේ
යාල ජාතික වනෝද්‍යානයේ සචාරකයින්ගේ පහසුකම් පුළුල් කෙරේ. මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට වනජීවී හා ගොවිජන සේවා අමාත්‍යාංශය කටයුතු කරයි.
මාර්ග පද්ධතියේ වැඩ ආරම්භ කිරීම පසුගිය 10දා අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යාල ජාතික වනෝද්‍යානයේ දී සිදුකෙරිණි. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමත් සමඟම සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂාවෙන් හා ජාත්‍යන්තර තලයට ගැලපෙන සේ සංචාරකයින් සඳහා පහසුකම් පුළුල් කිරීමට රජය කටයුතු කරගෙන යන බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.
පසුගිය වසරේ දී මෙරට පැමිණි සංචාරකයින්ගෙන් අටෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් යාල නැරඹීමට පැමිණියා. දිනෙන් දින මෙම සංඛ්‍යාව වර්ධනය වෙනවා. එමනිසා යාල පහසුකම් පුළුල් කිරීමට පියවරගෙන තිබෙනවා. ප්‍රධාන මාර්ගය ඇතුළු අභ්‍යන්තර මාර්ග පද්ධතිය වනජීවී භාරය යටතේ ඇති අලවිකුටිය, වැඩිදියුණු කිරීම, සනීපාරක්ෂක පහසුකම් වර්ධනය කිරීම, සංචාරක බංගලා පහසුකම් ඇතිකිරීම වගේම උසස් තත්වයෙන් යුත් සංචාරකයින් ප්‍රවාහනය කරන වාහන යෙදවීම, දැනට තිබෙන වාහනවලද ප්‍රමිතියක් සකස් කර වනෝද්‍යානයේ නීති-රීති වලට අවනත වනසේ කටයුතු කිරීම, එමෙන්ම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම මෙම වැඩසටනේ අරමුණ වේ.
අමාත්‍යාංශයේ ලේකම් උදය වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.
http://www.dinamina.lk/2012/03/12/_art.asp?fn=n1203129
No comments:
Post a Comment