මෙම වසර තුළදී තවත් ඉ-සේවාවන් පනහක් ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
මෙම නව ඉ-සේවාවන් ලබා දෙන ආයතන අතර ජනතාවට ඉතා සමීප ආයතන වන දුම්රිය දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව, මැතිවරණ දෙපාර්තමේන්තුව, ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඇතුළු ආයතන රැසක් වන බව නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.
වාහන ආදායම් බලපත්රයක් ලබාගැනීම, දුම්රිය ධාවන කාලවේලාවන් දැන ගැනීම, අයදුම් කරන ලද තම ජාතික හැඳුනුම්පත සූදානම් ද දැනගැනීම, අයදුම් කරන ලද පොලිස් වාර්තාව සූදානම් ද දැනගැනීම ඇතුළු ඉ-සේවාවන් ගණනාවක් අන්තර්ජාලය සහ ජංගම දුරකථනය ඔස්සේ ලබාගැනීමේ පහසුකම් දැනටමත් ජනතාවට ලබා දී තිබෙන බව නියෝජිතායතනය සඳහන් කරයි.
www.srilanka.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩි තොරතුරු දැනගත හැකි බව ද නියෝජිතායතනය පවසයි.
http://www.silumina.lk/2012/03/04/_art.asp?fn=aa12030414
No comments:
Post a Comment