තාරක වික්‍රමසේකර
පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන බස්රථ, වෑන්රථ සඳහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ලබන බව පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැති සී. බී. රත්නායක මහතා පවසයි.
මෙම ප්‍රතිපත්තියට අනුව පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන සියලුම බස්රථ සහ වෑන්රථ එකම වර්ණයකින් යුක්ත විය යුතු අතර, ගාස්තු ක්‍රමයක් ද රජය මඟින් නියම කෙරේ. එසේම උපරීම වශයෙන් රැගෙන යා හැකි සිසුන් සංඛ්‍යාවක් ද නියම කෙරෙන අතර පාසල් නිවාඩු සමයේදී ගාස්තු අය කිරීම සම්බන්ධ ක්‍රමවේදයක් ද හඳුන්වා දීමට නියමිතය.
ඒ අනුව මින් ඉදිරියට ඩීසල් වැඩිවූ විට ගාස්තු වැඩි කිරීමට පාසල් සිසුන් ප්‍රවාහනය කරන්නවුන්ට අවස්ථාව නොලැබෙන අතර අපේ‍්‍රල් 15 දාට පෙර මෙම ප්‍රතිපත්තිය සකස් කරන ලෙස නිලධාරීන්ට දැන්වූ බව ද ඇමැතිවරයා කීය.
ඒ අනුව අගෝස්තු පාසල් නිවාඩු සමයෙන් පසු ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා කීය. වායු සමීකරණය කරන ලද වෑන් රථ සඳහා වෙනම ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ. මේ වන විට දිවයින පුරා 44000 කට අධික පාසල් වෑන් රථ සංඛ්‍යාවක් ධාවනයේ යොදවා ඇත.
http://www.silumina.lk/2012/03/04/_art.asp?fn=aa1203049
No comments:
Post a Comment