නිහාල් පී. අබේසිංහ
දිවි නැඟුම තෙවැනි අදියර වෙනුවෙන් මෙරට සෑම ගෘහයක්ම ඉහළම ඵලදායිතාවක් සහිත ආර්ථික ඒකකයක් බවට පත්කිරීමේ අරමුණින් මේ මාසය පුරා නිලධාරීන් 75000 ක් රටපුරා ග්‍රාම නිලධාරී වසම් 14019 ක ගෙන් ගෙට යන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ග්‍රාම නිලධාරී පශු වෛද්‍ය නිලධාරී කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන නිලධාරී සමෘද්ධි නිලධාරී ඇතුළු නිලධාරීන් සමඟ ග්‍රාමීය නායකයෙක් ද එක්වෙන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
රටේ පවුල් ඒකක ලක්ෂ 49 අතරින් ගෘහ ආර්ථික ඒකක ලෙස ඉහළම ඵලදායිතාවක් ඇතිව දියුණු කළ යුතු පවුල් ඒකක ලක්ෂ 25 ක් සඳහා මෙවර දිවි නැඟුම තෙවැනි අදියර යටතේ පහසුකම් රැසක් ලබාදීමට යෝජිතය.
ගෙන් ගෙට යාමේදී එම නිවාසවලට ඉහළම ඵලදායිතාවක් ලැබෙන පරිදි ගෘහ මූලිකයන්ගේ හා නිවැසියන්ගේ අදහස් අනුව ලබාදිය යුතු මූල්‍ය උපදේශක හා යෙදවුම් ආදි පහසුකම් ලබාදීමට ද කටයුතු කෙරෙන බව ඇමැතිවරයා කියයි.
මෙම නිලධාරීන් විසින් ගෘහ මූලිකයාගේ අදහස් අනුව ගෙවත්තේ වැටවල් ගැසීමට පොල් පැළ රබර් පැළ තේ පැළ සිටුවීමට කුකුළු කොටු සාදා ගැනීමට මුළු ඉඩමේම වාණිජ බෝගයක් වවා සංවර්ධනය කිරීමට ගෘහ කර්මාන්ත ඇරැඹීමට, ධීවර කර්මාන්ත ඇරැඹීමට දිවි නැඟුම යටතේ විශේෂයෙන් ආධාර කරනු ලැබේ. කෘෂි තාක්ෂණික උපදෙස් වෙළෙඳ පොළ උපදෙස් ආදිය ද මෙහිදී ලබා දෙනු ලැබේ.
මෙරට ඇතුළත බිත්තර නිපැයුම් වැඩි කිරීමටත් අපේ රටේ අය එළවළු පරිභෝජනයට උනන්දු කිරීමටත් දිවි නැඟුම තෙවැනි අදියර යටතේ ප්‍රධාන අවධානය යොමු වන බව ද බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
මෙරට එළවළු මිල අඩු වුණත් අපේ රටේ ජනතාව තවමත් අනුභව කරන්නේ අනුභව කළ යුතු එළවළු ප්‍රමාණයෙන් 1/3 ක් පමණක් බවත්, ඉස්සරට වඩා බත් මුල්වලනම් එළවළු තිබෙන බවත් ඇමැතිවරයා පැවැසීය.
ගස්ලබු වැනි පලතුරු වර්ග මෙන්ම මුංඇට ආදි ධාන්‍ය ද වැඩිපුර වැවීමෙන් රටට ලොකු මුදලක් ඉතිරි කර ගත හැකි බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
http://www.silumina.lk/2012/03/04/_art.asp?fn=aa1203045
No comments:
Post a Comment