ජගත් කණහැරආරච්චි
වත්තල ප්‍රාදේශීය දේශපාලනඥයකු විසින් බලහත්කාරයෙන් හෙළිපෙහෙළි කර ජනතාවට බෙදා දී ඇති මුතුරාජවෙල අභය භූමියට අයත් භූමි ප්‍රදේශය යෝජිත කිඹුල් උද්‍යානය තැනීමට හඳුනාගෙන තිබූ ඉඩම බව "දිවයින ඉරිදා සංග්‍රහය" කළ විශේෂ විමර්ශනයකදී හඳුනාගත හැකි විය. මෙම භූමි ප්‍රදේශයේ වටිනා කඩොලාන ශාක කපා දමා සහ පුළුස්සා දමා අක්කර පහකට අධික ප්‍රදේශයක් හෙළි පෙහෙළි කර ඇති අතර පර්චස් දහය බැගින් වූ බිම් කොටස් 800 ක් පමණ වෙන්කර තම හිතවතුන් අතර බෙදා දී ඇත.
ඒ සඳහා විවිධ කටයුතු වෙනුවෙන් යෑයි පවසා එක් අයකුගෙන් රුපියල් 35,000 බැගින් මුදල් ලබාගෙන ඇතැයි අප එහි කළ සංචාරයකදී අනාවරණය විය.
මෙම ඉඩමේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රදේශයේ නිදැල්ලේ හැසිරෙන කිඹුලන් කූඩුකර කිඹුල් උද්‍යානයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබූ අතර ඊට අදාළ නිරීක්ෂණ චාරිකාව වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
http://www.divaina.com/2012/03/04/news02.html
No comments:
Post a Comment