යන යකා කොරහත් බිඳගෙනම යන්නේය යන ප්රසිද්ධ කියමන යළිත් සනාථ කරමින් වසර දෙසියකට අධික අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන තැපැල් දෙපාර්තමේන්තුව 2011 වසර තුළද රුපියල් කෝටි 340 ක වාර්තාගත පාඩුවක් ලබමින් මහජන මුදල් කාබාසිනියා කරන සුදු අලියෙක් බව මුළු රටටම හඬ නගා ප්රකාශ කර තිබේ.
මෙම රුපියල් කෝටි තුන්සිය හතළිහක පාඩුව තැපැල් දෙපාර්තමේන්තුව තැපැල් ඉතිහාසයේ ලැබු විශාලතම පාඩුවද වේ.
අද අපි "දිවයින" ඉරිදා සංග්රහය තුළින් අනාවරණය කරන්නේ සුදු අලියෙක් බවට පත්වී ඇති තැපැල් දෙපාර්තමේන්තුවට අද අත්වී ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳවයි.
තැපැල් දෙපාර්තමේන්තුව කාගේවත් පුද්ගලික බූදලයක් නොවේ. එය කෝටි දෙකකට ආසන්න සමස්ත ශ්රී ලාංකික ජනතාව සතු රාජ්ය දේපලකි. නමුත් තැපැල් දෙපාර්තමේන්තුවේ වර්තමාන උරුමක්කාරයින් ලෙස පෙනී සිටින සුපිරි ජාවාරම් කාර නිලධාරි පැලැන්තිය සිතා සිටින්නේ තැපෑල යනු අම්මා අප්පාගෙන් තමන්ට ලැබුණු පුද්ගලික බූදලයක් බවයි.
Read full story: http://www.divaina.com/2012/03/04/feature15.html
No comments:
Post a Comment