- පාඨලී චම්පික
පැය විසිහතරම විදුලිය සපයන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බවත් ඒ තත්ත්වය දිගටම පවත්වා-ගෙන යාම සඳහා සවස 6.30 - 9.30 ත් අතර කාල සීමාවේදී හැකිතාක්දුරට විදුලිය පරිහරණය අඩුකළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කර ඇත. මේ වනවිටත් තමිල්නාඩු ප්‍රාන්තයේ සතියකට දින දෙකක් කර්මාන්තශාලා වහනවා. චෙන්නායි වල පැය 8-16ත් අතර කාලයක් විදුලිය කපනවා. ජපානෙත් එහෙමයි. නමුත් අපි පැය 24 ම විදුලිය සපයනවා’ යැයි ද අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කර ඇත.
පාසල් බලශක්ති සමාජ පිහිටුවීම සඳහා ප්‍රතිපාදන ලබා දීමට පසුගියදා (01) බණ්ඩාරනායක අධ්‍යාපන මධ්‍යස්ථානයේ පැවැති උත්සවයේදී ඒ මහතා මෙසේ ප්‍රකාශ කර ඇත. මෙහිදී පාසල් බලශක්ති සමාජ පිහිට වූ එක් පාසලක් සඳහා රුපියල් විසිපන්දාහක් (රු.25,000) බැගින් ප්රදානය කර ඇත.
මෙහිදී අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කර ඇත.
තවත් වසර 40ක් පමණ ඉදිරියට යද්දී රට විශාල බලශක්ති අර්බුදයකට මුහුණ දෙනවා. මේ පාසල් බලශක්ති සමාජ තුළින් එම ගැටලුවට පිළියම් ලැබේවි
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=1928:mgsrhgrhg&catid=81:europe&Itemid=457
No comments:
Post a Comment