
වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ 500 කට වැඩි ප්‍රමාණයක් පෙරේදා (04 දා) දින කුරුණෑගල පොලිස් විශේෂ අපරාධ විමර්ශන එAකකය මගින් හදිසි සෝදිසි කිරීමක් සඳහා පොලිස් භාරයට ගන්නා ලදී. කුරුණෑගල ගොකරැල්ල පොතුහැර අලව්ව සහ වීරඹුගෙදර යන පොලිස් බල ප්‍රදේශත්, පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයත් ඉලක්‌ක කර ගනිමින් මෙම හදිසි වැටලීම සිදු කර තිබිණි.
සාමාන්‍යයෙන් වැලි ප්‍රවාහනය සඳහා ලබාදෙන බලපත්‍රයට සමාන ව්‍යාජ බලපත්‍රයක් භාවිත කරමින් සිදු කරගෙන යන මහා පරිමාණ වැලි ජාවාරමක් හෙළි කරගැනීම මෙම පරීක්‍ෂාවේ අරමුණ බව එම එAකකයේ නිලධාරියකු "දිවයින" ට පැවසීය.
ගොකරැල්ල පොලිස් ස්‌ථානයේ පමණක් වැලි ප්‍රවාහන ටිපර් රථ 336 ක් පොලිස් භාරයට ගෙන තිබුණු අතර එයින් බොහොමයක් මනම්පිටිය සහ විල්ගමුව යන ප්‍රදේශවල සිට කොළඹ බලා වැලි ප්‍රවාහනය කරන එAවාය.
ගොකරැල්ල පොලිස් ස්‌ථානයට නුදුරු ක්‍රීඩාපිටියක් වැලි පැටවූ ටිපර් රථ ගාල් කිරීම සඳහා භාවිතකොට තිබූ අතර එදින රාත්‍රිය පුරාවටම බලපත්‍ර පරීක්‍ෂාව සිදුකොට පසුදින එම ටිපර් රථ මුදාහැරීමට කටයුතු කරන බවද ගොකරැල්ල පොලිසියේ නිලධාරියකු ප්‍රකාශ කළේය.
ඡායාරූප- පොල්පිතිගම වීරරත්න
http://www.divaina.com/2012/03/06/news07.html
No comments:
Post a Comment