බූන්දල-විල්මැන්න අලි හානි වැළැක්‌වීමට විදුලි වැටක්
අනුර බාලසූරිය
බූන්දල හා විල්මැන්න වනෝද්‍යාන තුළ වෙසෙන අලි ඇතුන්ගෙන් ඒ අවට ගම්වාසීන්ට සිදුවන අනතුරු හානි වැළැක්‌වීම සඳහා කිලෝමීටර් 20 ක විදුලි වැටක් ඉදිකිරීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම විදුලි වැට කඩිනමින් ඉදිකරන ලෙස ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා අදාළ දෙපාර්තමේන්තුව හා අනෙකුත් අංශවලට දැනුම්දී ඇත.
බූන්දල හා විල්මැන්න වනෝද්‍යාන දෙක සම්බන්ධ වන අයුරින් මෙම විදුලි වැට ඉදිකිරීමෙන් බූන්දල මයුරපුර, උඩවලව, පල්ලෙමලල, උඩමලල, වැලිගත්ත, වීරවිල ආදී ගම්මාන විස්‌සකට ආවරණය ලැබෙනු ඇතැයි ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශය අදහස් කරති.
වල් අලි ප්‍රහාරයකින් පසුගියදා වැලිගත්ත ප්‍රදේශයේදී තරුණියකද මියගොස් තිබිණි.
විදුලි වැට ඉදිකිරීම සඳහා වන මාර්ගය එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් දිස්‌ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි සිදුකෙරෙන අතර වනජීවී දෙපාර්තමේන්තුව විදුලි වැට ඉදිකිරීමට පියවර ගෙන තිබේ.
දැනටමත් එම දෙපාර්තමේන්තුව මේ සඳහා රුපියල් මිලියන පහමාරක මුදලක් වෙන්කර දී තිබේ.
http://www.divaina.com/2012/03/06/news09.html
වල් අලි ප්‍රහාරයකින් හම්බන්තොට සිව්දරු පියෙක් මරු දකී
නාකුළුගමුව - නෙල්සන් ගල්ඇටුඹගේ
හම්බන්තොට සාමෝදාගම රාජපක්‍ෂ මාවතේදී පෙරේදා (4 දා) අලුයම වල් අලියෙකු පහරදීමෙන් බරපතළ තුවාල ලබා පුද්ගලයකු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ හම්බන්තොට සාමෝදාගම රාජපක්‍ෂ මාවතේ පදිංචිව සිටි මොහොමඩ් රිස්‌මි නමැති 55 හැවිරිදි සිව්දරු පියෙකි.
පසුගිය දින කිහිපය ඇතුළත හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයන් හත් දෙනකු වල්අලි ප්‍රහාරවලින් මේ වන විට මියගොස් ඇත. මෙම මරණය පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ (5 දා) හම්බන්තොට මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. හම්බන්තොට පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
http://www.divaina.com/2012/03/06/provin01.html
No comments:
Post a Comment