අසේල කුරුළුවංශ
රාජ්‍ය සේවකයින් සඳහා නුවරඑළියේ අර්තාපල් අල කිලෝවක් වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 20 ක් අඩුවෙන් ලබාදීමේ වැඩපිළිවෙළක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ආරම්භ කැර තිබේ.
මෙහි පළමු තොග රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලබාදීමෙන් පසු එක් දිනක් තුළ සියලු අර්තාපල් අල අලෙවි වී ඇත.
මේ වන විට නිවාස අමාත්‍යාංශයෙන් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් විශාල ඇනවුම් ලැබී තිබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතා කීය.
නුවරඑළියේ අල ගොවීන්ගේ නිෂ්පාදන කිලෝවක් රුපියල් 65 – 70 අතර මුදලකට මිලදී ගැනීමෙන් පසු පාරිභෝගිකයින්ට ඒවා අලෙවි කෙරෙන්නේ රුපියල් 120 ක පමණ මුදලකට බවත්, මේ ආකාරයෙන් විශාල ලාභයක් වෙළෙඳුන් ලබා ගැනීම තුළ පාරිභෝගිකයා අසරණ වන බවත් පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා නව වැඩපිළිවෙළ හරහා ගොවියාත්, පාරිභෝගිකයාත් දෙදෙනාම ආරක්ෂා වන බවත් ප්‍රකාශ කළේය.
ගොවීන්ගෙන් නිෂ්පාදන මිලදී ගැනීමේ නිසි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ගොවිජන සේවා කොමසාරිස්, සමෘද්ධි සහකාර කොමසාරිස් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (19) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.
අර්තාපල් අලවලට අමතරව නුවරඑළිය එළවළු වර්ග ද රාජ්‍ය සේවකයින්ට වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩුවෙන් ලබාදීම සඳහා අවධානය යොමුව තිබෙන බවත්, ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ සහයෝගය මත ඉදිරියේදී කටයුතු දියත් කරන බවත් කුමාරසිරි මහතා කීය.
http://www.dinamina.lk/2012/03/19/_art.asp?fn=n1203196
No comments:
Post a Comment