රෝහල් බෙහෙත් වට්‌ටෝරු ඔසුසල්වලින් නොමිලේ
ලසිත දුමින්ද
පරිපූරක වෛද්‍ය වෘත්තික වැඩවර්ජනය නිසා රෝහල්වල බාහිර රෝගී අංශවල වෛද්‍යවරුන් නිකුත් කරන බෙහෙත් වට්‌ටෝරුවලට රාජ්‍ය ඖෂධ සංස්‌ථාවට අයත් රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ඖෂධ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පෙරේදා (13 වැනිදා) සිට වැඩවර්ජනයක නිරතවීම නිසා රෝහල්වල බාහිර රෝගී අංශයෙන් රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම අත්හිටුවීමෙන් අමාත්‍යාංශය එම තීරණය ගෙන තිබේ.
මෙම වැඩවර්ජනය අවසන් වන තෙක් රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රාජ්‍ය ඔසුසල්වලින් නොමිලේ ලබා දෙන බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් "දිවයින"ට පැවසීය.
රෝගීන්ට නොමිලේ බෙහෙත් ලබාදෙන ලෙසට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජ්‍ය ඖෂධ සංස්‌ථාවේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න මහතාට උපදෙස් දුන් බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
http://www.divaina.com/2012/03/15/news11.html
Free Osu Sala drugs during paramedic strike
Nadira GUNATILLEKE
Patients seeking treatment at state hospital OPDs can obtain prescribed drugs from Osu Sala outlets free of charge during the period of trade union action by paramedics, Health Minister Maithripala Sirisena said.
Minister Sirisena said all demands of paramedics except one, were granted yesterday after discussions.
"The paramedics agreed to stop the trade union action at the Colombo South Teaching Hospital, Castle Street Maternity Hospital, Kandy Teaching Hospital and Kurunegala Teaching Hospital after discussions," he said.
Meanwhile, a ministry spokesman said that a special discussion will be held today with Finance Ministry officials to grant the last demand of the paramedics as the Health Ministry requires Finance Ministry approval.
The government will allocate Rs 103 billion for health sector development this year. The government from 2009 to 2012 increased
funds allocated for the health sector development by Rs 31 billion. Funds allocated for health sector development has been increased by Rs 10 billion every year, he added.
http://www.dailynews.lk/2012/03/15/news11.asp
No comments:
Post a Comment